(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විශේෂ පනත් සහ නියෝග ගණනාවක් සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව හෙට (19) සිට ලබන 22 වැනිදා සිකුරාදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.
වෛද්‍ය ආඥා පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලද 2021.12.24 දිනැති අංක 2259/54 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග, ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත ප්‍රකාරව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලද 2022.01.18 දිනැති අංක 2263/2 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග පාර්ලිමේන්තුවේදී හෙට (19) පෙරවරු 11.00 සිට පස්වරු 4.30 දක්වා විවාදයට ගෙන අනුමත කර ගැනීමට නියමිතය.
සුරාබදු ආඥා පනත යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලද 2021.10.16 දිනැති අංක 2249/50, 2022.01.01 දිනැති අංක 2260/78 සහ 2022.01.01 දිනැති අංක 2260/79 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද නිවේදන සහ රේගු ආඥා පනත (235 අධිකාරය) ප්‍රකාරව මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලද 2022.01.11 දිනැති අංක 2262/14 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද යෝජනාව පාර්ලිමේන්තුවේදී අනිද්දා (20) පෙරවරු 11.00 සිට පස්වරු 4.30 දක්වා විවාදයට ගැනේ.
විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලද, 2021.11. 23 දිනැති අංක 2255/8, 2021.12. 21 දිනැති අංක 2259/9, 2021.12.31 දිනැති අංක 2260/72 සහ 2022.01.11 දිනැති අංක 2262/15 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද නියමයන් ලබන (21 )පෙ.ව 11.00 සිට ප.ව 4.30 විවාදයට ගෙන අනුමත කරගැනීමට නියමිතය.
මෝටර් වාහන පනත යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් සාදන ලද 2021.09.17 දිනැති අංක 2245/31, 2021.10.29 දිනැති අංක 2251/63 සහ 2021.08.14 දිනැති අංක 2240/37 යන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කළ නියෝග ලබන 22 වැනිදා පෙරවරු 11.00 සිට පස්වරු 4.30 දක්වා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙ.ව 10.00 - පෙ.ව 11.00 කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.
එසේම මෙම සෑම දිනකම ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහාද කාලය වෙන්කර ඇත. ප.ව 4.50 සිට 5.30 දක්වා පිළිවෙලින් ආණ්ඩු පාර්ශ්වය සහ විරුද්ධ පාර්ශ්වය ගෙන එන යෝජනා අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාද පැවැත්වෙනු ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පනත්-නියෝග රැසක් මේ සතියේ මැතිසබයට
sharm warn Monday, 18 April 2022 03:52 PM
දැන් මෙයා පෙන්නන්න හදන්නේ එයා මාර සුපිරියට රට පාලනය කරලා ගොඩ දාන්න යන්නේ කියලද? මේ මොන කතා කිව්වත් ඔහේව විශ්වාස කරලා අපි කට වහගනී කියලා හිතුවද?