
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මත්තේගොඩ ළමා රැකවරණ මධ්‍යස්ථානයෙන් පළා ගිය දැරිවියන් හයදෙනො අගුලාන ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අද (15) සිය බාරයට ගත් බව පොලීසිය පවසයි.
මෙසේ පලා ගිය සිසුවියන් අතර අවුරුදු 15 තිදෙනෙකු අවුරුදු 16 දෙදෙනකු හා අවුරුදු 18 එක් අයෙකු සිට ඇති බව පොලිසිය කියයි.
අධිකරණ නියෝග මත පරිවාස දෙපාර්තමේන්තුව හරහා රැකවරණයට සුදුසුකම් ලැබෙන බාල වයස්කාර දැරිවියන් රදවා සිටින මෙම රැකවරණ මධ්‍යස්ථානයේ දැනට දැරිවියන් 22 රඳවා සිටින අතර ඉන් දැරියන් හය දෙනකු මෙසේ පලා ගොස් තිබූ බව පොලිසිය පවසයි.
ඊයේ( 14) දැරිවියන් 22 ආහාරය බෙදා වෙන්කර තිබූ අතර රාත්‍රී 8.45 පමණ වන තෙක් හය දෙනෙකුගේ ආහාර පිගන් ඉතිරිව තිබීම පිළිබදව සැක සිතී එහි පාලිකාව විපරම් කර බැලීමේදී මෙසේ හය දෙනෙකු පලා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වීමත් සමග පොලිසියේ පැමිණිල්ලක් කර තිබේ.
දැරියන් රැඳී සිටි නිවස එක් දැරියකගේ ඥාති නිවසක් බව පවසන පොලීසිය දැරියන් මෙසේ අනාරක්ෂිතව පලායාමට හේතුව කුමක්දැයි විමර්ශන පවත්වත්වන බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැන ගිය දැරිවියන් අඟුලානේ නිවසකින් හමුවෙයි
Pradeep Kumara Monday, 15 July 2024 12:10 PM
පලාගිය හේතුව වගේම අනාරක්ෂිතව පලාගිය ආකාරයත් සොයන්න. පලා ගිය හේතුව නම් බොහෝ විට ඔවැනි තැන්වල සිදුවන ලිංගික හිංසන වෙන්නත් පුළුවන්...
රංබොඩ Monday, 15 July 2024 01:04 PM
ළමා නිවාස වල දරුවන්ට සළකන්නෙ අමුතුම විදිහකට. ඒවයේ ඉන්න පාලිකාවන් බොහෝ විට ඉතා සැර පරුෂ ස්ත්‍රීන්. හරියට මානසික කායික හිංසන සිදුවෙනවා. ඒවා ගැන හොයන්න ක්‍රමවේදයක් රටේ නෑ.දරුවන් කබලෙන් ලිපට වැටුණා වගේ . ඒ නිසයි පැනලා යන්නේ.
බක්මීගොල්ල Monday, 15 July 2024 01:23 PM
දියණිවරුණි, ඔබලා සියළුම දෙනාටම සුව පහසු ආකාරයට, තමන් කැමැති, අනාගතය සුරක්ෂිත, ආරක්‍ෂිත ස්ථානයක ජීවත්වීමට වාසනාව ලැබේවා...! ඔයාලා සැමෝටම වාසනාවන්ත සුබම සුබ අනාගතයක්...!