
(නිමල කොඩිතුවක්කු)
සල්ලි අච්චු ගසා මුදල් බෙදා දීමෙන් රටේ ඩොලර් ප්‍රශ්නයට හෝ ආර්ථික ප්‍රශ්ණයට විසදුම් සෙවිය නොහැකි බව විජ්ජා පෙන්වන ආණ්ඩුවේ ආර්ථික ඔස්තාර්ලා තේරුම් ගත යුතුව ඇතැයි සමගි ජන බලවේගය සහකාර ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.
ආණ්ඩුවේ ජනප්‍රිය තීරණ හේතුවෙන් හෙට අනිද්දා වන විට පාන් ගෙඩියක් මිලදී ගැනීම කරත්තයක මුදල් පුරවා ගෙන යාමට ජනතාවට සිදුවනු ඇතැයි ද ජයවර්ධන මහතා කීවේය.
රටේ පවතින ආර්ථික අර්බුදයට ඩොලර් අර්බුදයට පැලැස්තර තාවකාලික විසඳුම් ලබාදෙන මේ විජ්ජාව කරන්න එපා කියා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු පැවසීය.
"මේ වෙනකොට රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇතිවෙලා තියෙනවා. උද්ධමනය සීඝ්‍රයෙන් ඉහළ යමින් හැම භාණ්ඩයකම මිල තුන් ගුණයකින් වැඩි වෙලා. මේ වෙන විට අත්‍යවශ්‍ය භාණ්ඩ වගේම අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මිලත් වැඩි වෙලා. එවන් තත්ත්වයක් තිබියදී මුදල් ඇමතිතුමා ඇමරිකාවේ ඉඳන් ඇවිත් නින්දෙන් අවදිවෙලා වගේ එකපාරම රුපියල් පන්දාහක් දුන්නා. ඒ ගැන අපි සතුටුයි. අද උද්ධමනය වැඩි වෙලා රුපියලේ අගය අඩු වෙලා රුපියල් 5000කින් ජනතාවට මොකක්ද කරන්න පුළුවන් කියන ගැටලුව මතු වෙලා තියෙනවා. ගෑස් සිලින්ඩරයක් අරගෙන සැමන් ටින් කිහිපයක් ගත්තම හාල් කිලෝ පහක් දහයක් අරන් එළවළු කිහිපයක් ගත්තම පන්දාහ ඉවරයි. එළවළු ගන්න වෙලා තියෙන්නෙ ග්‍රෑම් ගණන් වලට. රුපියල 5000ක් දීලා ඒ විජ්ජාවෙන් මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ.
මේ රටේ රාජ්‍ය සේවකයෝ ලක්ෂ දාසයක් ඉන්නවා. විශ්‍රාමිකයන් ලක්ෂ හයක් පමණ ඉන්නවා. සමෘද්ධිලාභීන් මිලියන 2.2 ඉන්නවා. බියගම තියෙන සල්ලි අච්චු ගහන මැෂිමෙන් අච්චු ගහලා සල්ලි බෙදලා රටේ ප්‍රශ්න විසඳන්න බැහැ. මේ 5000 වැඩි කිරීමෙන් රාජ්‍ය නිලධාරීන්ට විතරක් බිලියන 9.48ක් අච්චු ගහන්න වෙනවා. පෞද්ගලික අංශය, කම්කරුවෝ, ශ්‍රමිකයෝ, ධීවරයෝ, මේ රටේ තේ දලු නෙලන කාන්තාවගේ ඉඳන් අහිංසකද රෙදිපිළි කර්මාන්තයේ නියැලෙන සංචාරක ක්ෂේත්රයේ නියැළෙන අයට රජය ගෙන ඇති විසදුම මොකක්ද කියලා අපි අහනවා. මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බඩගින්න මාධ්‍යවේදීන්ගේ බඩගින්න මේ ආණ්ඩුවට තේරෙන්නේ නැද්ද?
රටේ පවතින ආර්ථික අර්බුදයට ඩොලර් අර්බුදයට පැලැස්තර තාවකාලික විසඳුම් ලබාදෙන මේ විජ්ජාව කරන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා. සල්ලි මැෂිම තියෙනකං අච්චු ගගහා බෙදයි. හැබැයි ඩොලර් අච්චු ගහලා අපිට තියෙන ඩොලර් අර්බුදය විසඳන්න මේ අයට බැහැ. ඒ සඳහා නිෂ්පාදක ආර්ථිකයක් මූලික කරගත් දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් අවශ්‍යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආර්ථික විද්‍යාව ගැන සරලව වත් නොදන්නා 69 ලක්ෂයකට නම් පන්දහ දෙන එක මහා ලොකු ඇති.
අපේ විපක්ෂයේ ප්‍රාර්ථනාව රට බංකොලොත් වේවා කියලයි.
ලංකාවට නිෂ්පාදන ආර්ථිකයක් කරගෙන යන්න බැහැ. සේවක උද්ගෝෂණ සහ රටේ පවතින නීති රීති රජයේ සේවයේ අකාර්යක්ෂම හින්ද කිසිම විදේශ කර්මාන්ත කරුවෙක් ලංකාවට ගෙන්වන්න බැහැ.
වහල්ලුන්ට ඕවා කියලා වැඩක් නැහැ. දැන් අහයි යහපාලන කාලේ මොනවද කළේ කියලා...? මහ බැංකුව මංකොල්ලයට වඩා දෙගුණයක් සිනිවලින් ගියා. ඒක බයියන්ට තේරෙන්න කල්යයි.
බැසිල් ඇමැතිතුමා දුන්න සහනාධාර ගන්න බැරිව කට්ටියකට රිදිලා නේද? කරන්න දෙයක් නැහැ. ජනතාවගේ අතමිට සරු වෙනකොට මේ කට්ටියට හුළං..
මම දැක්කා ගොඩක් රාජ්‍ය සේවකයින් කියනවා මේ වෙලාවේ රජය අපට කළේ ගොඩාක් ලොකු සහනයක්... ඒකට රජයට ගොඩක් ස්තුතියි කියලා.. හැබැයි මම දැක්කේ නැහැ කවුරුවත් කියනවා අපට පඩිවැඩි කරන්න එපා.., බඩු මිල අඩුකරලා දෙන්න කියලා... මේකෙන් තේරෙනවා රාජ්‍ය සේවකයින්ගේ බුද්ධි මට්ටම ගැන හොඳට රජය හොයලා බලලා තමයි මේ තීරණ ගන්නේ කියලා...
අප්පට සිරි සජබයෝ, ජෙප්පෝ ඔක්කොම ආර්ථික විශේෂඥයින්ද? අම්මපා මොකක්ද මේ ගොයියා දන්න අපි නොදන්න ආර්ථික විද්‍යාව..? ජෙප්පෝ හොඳට දන්නවා නේද? සජබයෝත් දන්නවාද? එජාපයෝත් දන්නවද? දන්නවා නම් 2015 රට බාර දෙනකොට 6.5% තිබුණු ආර්ථික වර්ධනය 1.5% බස්සලා බාර දුන්නේ?