IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පොදුසමා කාලයේදී ශ්‍රී ලාංකිකයින් 10,615ක් කුවේටයෙන් පිට වෙලා

 

(ටී.කේ.ජී.කපිල )

කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස්, එරට වලංගු  වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස රැදී සිටින ශ්‍රී ලාංකිකයන් හට , එරටින් පිටවීම සදහා කුවේට් රජය විසින් 2024 වසර සදහා  ලබා දී තිබූ " පොදු සමා කාළය " භාවිතා කරමින් ශ්‍රී ලාංකිකයන් 10,615 දෙනෙකු එරටින් පිට වී ඇති බව කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර යි.

කුවේට් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සිදු කළ සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙස මෙම පොදු සමා කාළය 2024 මාර්තු මස 17 දින සිට 2024 ජුනි මස 30 දින දක්වා කාළයක් ලබා දී තිබුණි .‍ෙඑම කාළය තුළ ඉතා සරළ ලියකියවිලි කීපයක් පමණක් පදනම් කර ගෙන , එරටින් පිටවීම සදහා " තාවකාලික ගමන් බලපත්‍ර " ලබා දීම සිදු කළ අතර , මෙම කටයුතු සියල්ල කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම් මහතාගේ පූර්ණ අධීක්ෂණය සහ උපදේශකත්වය යටතේ එම තානාපති කාර්යාලීය නිලධාරීන් විසින් සිදු කර තිබුණි.

 එසේ කුවේට් රාජ්‍යයෙන් පිට වන ශ්‍රී ලාංකිකයන් හට " විශේෂ වට්ටම් " සහිත සහන මිළ ගනන් යටතේ ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම  සදහා ද , කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රය තුළ ශ්‍රී ලන්කන් ගුවන් සේවා කවුන්ටරයක් සහ තවත් ගුවන් සේවා ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමේ නියෝජිත ආයතන කවුන්ටර් කීපයක් ද පිහිටුවා තිබූ බව ද , එම ප්‍රවෘත්ති නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ .

 



අදහස් (0)

පොදුසමා කාලයේදී ශ්‍රී ලාංකිකයින් 10,615ක් කුවේටයෙන් පිට වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site