(ඩයනා උදයංගනී)
කොවිඩ් මර්දන එන්නත් ශරීරයට අහිතකර බවට ඇතැමුන් කරන ප්‍රකාශ පදනම් විරහිත බවත්, ඒවාට නොරැවටී එන්නත් ලබාගන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.
මෙරට ලබාදෙන එන්නත් වර්ග ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙන්ම, ලෝකය පුරා සිදුකළ පරීක්ෂණවලින් ද අනුමත කළ ඒවා බැවින් ඒවා ලබාගැනීම සම්බන්ධයෙන් බිය විය යුතු නැතැයි ද වෛද්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම ඒවා මෙරට විද්වත් කමිටු දෙකක් මගින්ද අනුමත කර ඇතැයි හෙතෙම පැවසීය.
හේමන්ත හේරත් මහතා මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එන්නත් ගැන වැරදි අදහස් ප්‍රකාශ කරන්නන් මෙරට පමණක් නොව ලෝකය පුරා සිටින බව ද ඔහු කීවේය.
එමෙන්ම ඒ ඒ වයස් කාණ්ඩ සඳහා එන්නත් ලබාදීම නිර්දේශ කරන්නේ ද ප්‍රමාණවත් දත්ත තිබේ නම් පමණක් බව කී හේමන්ත හේරත් මහතා මෙරට භාවිතා වන එන්නත් සියල්ල ආරක්ෂිත හා ඵලදායී ඒවා බව ද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ උනාට ඇතැමුන් කියනවානේ මේ වසංගතය මර්ධනය කරන්න හෙළ වෙදකමින් , ආයුර්වේද ප්‍රතිකාර වලින් , රාවණාගේ බෙහෙත් වට්ටෝරු වලින් , ආගමික වතාවත් වලින්, ආගමික පාඨ සජ්ජායනයෙන් පුළුවන් කියලා.. ඒ නිසා දේශීයත්වයට , උරුමයන්ට කැමති බොහෝ අය එන්නත ගන්න උනන්දුවක් නැහැ. අපේ ආච්චි අම්මව බලහත්කාරයෙන් අරන් ගිහින් බෙහෙත් දෙකම විදගෙන ආවෙ..
ලෝකයේ රටවල එන්නත්කරණය පිළිබද හා තත්කාලීන රෝගීන් හා මරණ දත්ත අන්තර්ජාලයේ දකින්න තියෙනවා. එන්නත්කරණය 70% වැනි ඉහළ ප්‍රතිශත ඇති රටවල කොරා්නා මරණ ඉතා අඩුවෙන් වාර්තා වෙනවා . ඒ රටවල සාමාන්‍ය ජනජීවිතය දැනටමත් පටන්ගෙන අවසාන බව අන්තර්ජාලයේ තොරතුරු මගින් පෙනෙනවා. එම රටවල් විවෘත කර ඇති බැවින් හා අපේ රටේ භාවිතා කරන එන්නත්ම භාවිතා කර ඇති බැවින් කිසිම නව කොරෝනා ප්‍රභේදයකට ජනජීවිතය අඩාල කිරීමට හැකිවී නැහැ. ඒනිසා නව කොරෝනා ප්‍රභේද ගැන අපට දැනට බියවිය යුතු නැහැ. එම එන්නත්කරණ කඩඉම ලගාකරගැනීමට තව ඉතා සුලු කාලයකින් කළ හැකි නිසා සියලුදෙනා එන්නත්කරණය පිළිබද විශ්වාසයෙන් කටයුතු කිරීම හා එන්නත්කරණය දිරිගැන්වීම ඉතා වටිනවා.
මොනවාද මේ කතා .. එහෙනම් නාමල් බේබි ෆයිසර් හම්බන්තොටට විද්දේ.දේශපාලකයන් ෆයිසර් ගසා ගත්තේ. දොස්තරවරුන් තමන්ගේ ගෙවල්වල අයට ෆයිසර් එන්නත ගහගන්න දැඟලුවේ.නිකං ඇඟ කහනවට වෙන්නැති.
ඔබ වගකීම භාරගන්නවාද ?
බටහිර වෛද්‍ය විද්‍යාවේ මේ වැක්සින් කියන්නේ හදිසි භාවිතය සඳහා අනුමැතිය දීපු එකක් . ලෝකයේ කිසිදු තැනක , කිසිදු පර්යේෂණයක් , මේ එන්නත් වල දීර්ඝකාලීන අතුරු ආබාධ සඳහා කරලා නැහැ . බටහිර විශේෂඥ වෛද්‍යවරු කියන්නේ , පට්ට පල් බොරු කාරයෝද ? මෙතුමා , මේ කියන පට්ටපල් බොරු කියන්නෙ , කාගෙ වුවමනාවට ද ? ඔබතුමා පුද්ගලිකව එන්නත් වලින් වන දීර්ඝකාලීන අතුරු ආබාධ පිළිබඳ වගකීම ගන්නවද ? එක පුද්ගලයෙක් හරි එන්නත් ගහලා ආබාධයට ලක් උනොත්, ඔබතුමා ඒ වගකීම භාර ගන්නවා , ඔබතුමාට එරෙහිව පුද්ගලිකව නඩු පවරන්න , කියලා ඔබතුමාට ඉන්න පුලුවන්ද ? ඕස්ට්‍රේලියාවේ පළමු දින එන්නත් කරපු ළමයින් 22,000 දෙන්නෙක් මැරිල , දාහකට වඩා ලෙඩ වුණා කියලා ඔබතුමා දන්නවද ? මේ වාර්තා සේරම යූ ටියුබ් , ෆේස් බුක් වලින් ඉවත් කළා කියලා ඔබතුමා දන්නවද ? ජනතාව , මේ එන්නත් කරණයට එරෙහිව ඕස්ට්‍රේලියාවේ වීදි බැස්සා කියලා දන්නවාද ? රටේ මිනිස්සු දැනගන්න ඕන , කවුරුහරි හරි තමන්ට ලිඳේ පනින්න කියල කිව්වොත් , ලිද්රෙ පැන්හම මැරෙන්නෙ තමන් කියලා . ජාත්‍යන්තර ඖෂධ මාෆියාවේ , WHO එකේ නියෝජිතය උනාට කමක් නැහැ . ලංකාවේ අනාගතය විනාශ කරන්න එපා .
මිනිස්සු එන්නත ගත්තේ නැතිනම් මේ අයට කොමිස් නැතිවෙනවා.
කැමති කෙනෙක්ට කැමති එන්නතක් රජයට මුදල් ගෙවා ලබා ගත හැකි ක්‍රමයකුත් සකසන්න
ඇස්ට්‍රා සෙනෙකා එන්නත දීපූ මිනිස්සුන්ට ලේ කැටි ගැහිලා වෙන මරණ වැඩි වුනාම ඇමරිකාව ඇස්ට්‍රා සෙනෙකාතම රට වැසියන්ට දෙන එක සම්පූර්ණයෙන්ම නතර කෙරුවා. නමුත් ඇමරිකාව තුළම ඒ එන්නත නිෂ්පාදනය කරලා පිටරටවලට විකුණනවා. ජර්මනිය, ප්‍රංශය, ඩෙන්මාර්කය, නෝර්වේ, ස්වීඩනය, ඉතාලිය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය ඇතුළු රටවල් විශාල සංඛ්‍යාවක් ඇස්ට්‍රා සෙනෙකා තහනම් කරලා තියෙන්නේ. එක්සත් රාජධානිය තුළ පමණක් මේ එන්නත් ලබා ගත් පිරිසෙන් 40කට ලේ කැටි ගැසීම් වාර්තා වෙලා තිබුණා. තව රුසියාව එයාලගේ එන්නත් විකුණන්න සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ ක්‍රියාකාරින්ට මුදල් ගෙවලා එන්නත ප්‍රමෝට් කරවනවා. ෆේස්බුක් එක ලඟදි ඒ එකවුනට් සියයක් විතර තහනම් කරලා තිබුණා ඒ හේතුව නිසා. මේ තොරතුරු වලට නිසි ඉඩක් ප්රවෘත්ති තුළ වෙන් නොකෙරුනේ ඇයි? එන්නත් වලින් ඇතැම් අය විශාල ලාබ උපයන බවට පැතිරුණු කතා ඇත්තද? එන්නත් දීමේදී අතුරු ප්‍රතිඵල අාවම, සෑම රටකම අනුමත හොඳම එන්නත් විතරක් ලංකාවේත් භාවිතා කරන්න...