(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය විශ්වවිද්‍යාල වල වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුවට බාධාවක් නොවන පරිදි අනෙකුත් විශ්වවිද්‍යාල වල වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබාදීම සඳහා ශික්ෂණ රෝහල් ලෙස භාවිත කිරීමට සුදුසු රජයේ රෝහල් හඳුනාගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.
සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය ගේ සභාපතිත්වයෙන් යුතු එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය ආර්. එම් සමන් කුසුම්සිරි රත්නායක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( වෛද්‍ය සේවා) වෛද්‍ය ඒ. කේ. එස් ද අල්විස්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, ජ්‍යෙෂ්ඨ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය මොහාන් ද සිල්වා, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය භවන්ත ගමගේ, විකලාංග සහ ක්ෂථ පිළිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය නරේන්ද්‍ර පින්ටෝ, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය නාමල් විජේසිංහ, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායක, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය දර්ශන සිරිසේන, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ විධායක අධ්‍යක්ෂ මහාචාර්ය ජේ. බලවර්ධන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද අධ්‍යක්ෂ ( වෛද්‍ය සේවා) ආර්. එල් . එස් සමන්මලී මහත්ම මහත්මීහු කටයුතු කරති.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය, වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල, ලයිසියම් කැම්පස් සහ කොළඹ, කළුතර, ගම්පහ, කුරුණෑගල සහ පොළොන්නරුව යන විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන වෛද්‍ය සිසුන් සඳහා ශික්ෂණ රෝහල් ලෙස භාවිතයට යොදා ගැනීමට සුදුසු රජයේ රෝහල්, අධ්‍යයනය කිරීම, සමාලෝචනය කිරීම , හඳුනා ගැනීම සහ සායනික පුහුණුව ලබා දීම ට ඇති හැකියාව මෙම කමිටුව මඟින් සොයා බැලීමට නියමිතය.
ඒ අනුව හඳුනා ගනු ලබන රෝහල් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය සංවර්ධන කටයුතු පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කළ යුතු අතර සති අටක (08) කාලයක් ඇතුළත කමිටුවේ සොයාගැනීම් සහ නිර්දේශ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම කමිටුවට උපදෙස් ලබා දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෙත් කරමු වර්ජන
කමිටුවට කට්ටිය මදි වගේ. තව 25ක් 30ක් විතර දැම්මනම් නේද හොඳ?
පින් ජනපතියා කමිටු පත් කරනවා මිසක් වෙන මොනවද දන්නේ ? ගෝටාගේ වියත්මග වගේ.?
මොකක්ද මේ විහිළුව
ලංකාවෙ පුද්ගලික වෛද්‍ය විද්‍යාල තියෙනවා ද. කොතලාවල හැරුණු විට වෙනත් ඒව නැහැ නේද පිටරටවල වෛද්‍ය උපාධි අරගෙන ආපු අය මෙහේ වැඩ කරන හැටි දැක්කාම පුදුම හිතෙනව. මෙලෝ වැඩක් බැහැ . ලෙඩෙකුුට තියෙන ලෙඩේ හඳුනා ගන්න බැහැ . එයාලගෙන් බෙහෙත් ගන්න අයට දෙයියන්ගෙම පිහිටයි . මේ අත් දැකීමෙන් කියන්නේ .