කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පනවා තිබූ ඇඳිරි නීතිය මැයි මස 11 දින (හෙට) දින සිට ලිහිල් කිරීමට රජය තීරණය කළද තවත් සති දෙකක් යන තෙක් සාමාන්‍ය මගීන් ප්‍රවාහනය සඳහා පොදු ප්‍රවාහන සේවා යොදා නොගන්නා ලෙස
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතාට උපදෙස් දී තිබේ.
එම උපදෙස් අනුව යමින් ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය විසින් මින් පෙර සැලසුම් කර තිබු පරිදිම ලංගම හා ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දුම්රිය හා බස් රථවලින් ප්‍රවාහන පහසුකම් සපයන්නේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා වාර්තා කරන කාර්ය මණ්ඩල සඳහා පමණක් බව ප්‍රවාහන අමාත්‍යංශය නිවේදනය කරයි.
තවත් සති දෙකක් යන තුරු සාමාන්‍ය ජනතාව සඳහා දුම්රිය හෝ ලංගම බස් රථවලින් ප්‍රවාහන සේවාවන් නොසපයන ලෙස ද අමාත්‍යවරයා අදාල අංශවලට උපදෙස් ලබා දි තිබේ.
ඇඳිරි නිතිය ළිහිල් කිරීමත් සමග පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් කරුණු විමසා තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම උපදෙස් නිකුත් කර ඇත්තේ අමාත්‍යවරයාගේ ඉල්ලීම අනුවය.
ඇඳිරි නීතිය ලිහිල් කර රටේ පුද්ගලික හා රාජ්‍ය අංශයේ රාජකාරි කටයුතු යම් යම් සීමාවන් ඇතිව ආරම්භ කළ ද, පොදු ප්‍රවාහන කටයුතු වල දී සාමාන්‍ය ජනතාව අත්‍යාවශ්‍ය නොවන කටයුතු සඳහා යොමුවිය හැකි බැවින් හෙට සිට තවත් සති දෙකක් යන තෙක් ඔවුන් සඳහා ප්‍රවාහන පහසුකම් නොසලසන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අමාත්‍යවරයාට උපදෙස් දී තිබේ.
රජය විසින් රට පෙර පැවැති තත්ත්වයට ගෙන ඒම හා කොවිඩ් 19 මර්දනය සඳහා ගෙන යන වැඩ පිලිවෙළ ශක්තිමත් කිරීමට නම් සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවත්. මහජනතාව මෙම අවස්ථාවේ දී ප්‍රවාහන සේවා විදිමත්ව පවත්වාගෙන සඳහා තම පූර්ණ සහයෝගය පළ කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රවාහන ක්ෂේත්‍රෙය් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
“රජය විසින් හෙට දින රට නැවතත් විවෘත කරන්නේ සාමාන්‍ය ජනතාවට අනවශ්‍ය ගමන්බිමන් යාම සඳහා නොව රටේ ආර්ථිකය නංවා, ඉදිරියේ දී ඇති විය හැකි ආර්ථික දරිද්‍රතාවය මග හරවා ගනිමින් ජන ජීවිතය සුඛිත මුදිත කිරීමේ අරමුණ පෙරදැරිවයි. එසේ නොමැතිව මහජනතාව වගකීමකින් තොරව කටයුතු කළහොත් සිදුවන්නේ නැවතත් කොවිඩ් 19 වසංගතය හිස ඔසවා රටම තවත් මාස කිහිපයකට වසා තැබිමේ තත්ත්වය උද්ගත කර ගැනීමයි“ යයි ද ප්‍රවාහන අමාත්‍යවරයා පවසයි.

COMMENTS
වචයෙන් කියලා අපේ මිනිස්සුගේ පාලනය හෝ විනය හදන්න බෑ... කරුණාකරලා නීතියෙන් කලයුතු දේ කරන්න. ඔය ජපානය වගේ රටකට නම් වචනයෙන් කියල පාලනය කරන්න පුළුවන්...
මං මේ නිකමට අහන්නේ. අම්මයි දුවයි පමණක් ඉන්නා නිවසක දෙන්නාම යායුතු වැඩක් තියෙනවා. අනිවාර්යයෙන්ම දෙන්නාම යායුතුයි. ඒත්, හැඳුනුම්පතේ තියෙන්නේ අංක දෙකක්... එක්කෙනෙක් ගෙදර. අනිකා ගමනේ. අම්මා අසනීප වෙනවා. ලොකු අමාරුවක්. අම්මාටම තමයි බෙහෙත් ගෙන්න යන්න වෙන්නේ. දුවට සම්මුඛ පරීක්ෂණයක් තියෙනවා. අංකය නැති නිසා කොහොමද යන්නේ...?
පොදු ප්‍රවාහන සේවා භාවිත කරන එක අඩු කරන්න නම් අපට ත්‍රි රෝද රථ , යතුරුපැදි වලින් අපගේ ප්‍රවාහන අවශ්‍යතා ඉටු කරගන්න ලෝක වෙළඳපලේ තෙල් මිල අඩුවෙලා තිබෙන මේ අවස්ථාවේ එම සහනෙන් භාගයක් හෝ අපට දෙන්න .
කාර්යාල වේලාවෙන් පස්සේ දුම්රිය, බස්රථ කිහිපයක් ධාවනය කරවන්න වෙනත් දේ සදහා ගමන් කරන අයට. ඒ වගේම කිට්ටුව ගමන් පයින් යන්න, බයිසිකලෙන් යන්න උපදෙස් දුන්නම දුම්රිය, බස්රථ තුල මගී තද බදයක් ඇති වෙන්නේ නැහැ.
මගේ රැකියාව රියදුරු... මම වැලි ප්‍රවාහනය කරනවා. කොළඹට අපට යන්න දෙන්නේ නැද්ද? කාර්යාලවල අය විතරද වැඩ කරන්න ඕනෑ.
කරුණාකර හැදුනුම්පත් , විදේශ ගමන් බලපත්‍ර , රියදුරු බලපත් , විදේශිකයන් සදහා විසා ඇතුළු අවශ්‍යතා සදහා ඔවුන් පදිංචි ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් අයදුම්පත් භාරගෙන, ඒවා රජයේ වාහන යොදවල කොළඹ ගෙනත් මුද්‍රණ කටයුතු සිදුකර වැඩකරන දින 5 වැනි සුළු කාලයකදී එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදිම ඔවුන්ට ලබාදියහැකි ක්‍රමවේදයක් සකස් කලොත් නිකරුනේ මිනිස්සු කොළඹ රස්තියාදු වෙන එක අඩු වෙනවා , බලධාරිනි ජනතාවට තහංචි පමණක් දමන්නේ නැතුව තිබෙන රාජ්‍ය සම්පත් යොදවල ජනතාවගේ ප්‍රශ්න විසදලා ජනතාවට සේවයක් කරන්න උත්සහ කරන්න , නිකන් බොරුවට හිස් කෝච්චිවල කාර්යාල සේවකයන් පමණක් පටවල කොළඹ එවල තේරුමක් තිබෙනවද ?
මෙච්චර කල් වැඩ කරපු විදියට සුඛිත වෙලා ඉවරයි... දැන් හෙට ඉඳන් මුදිත වෙයි.. අනේ බොහොම පිං...
කොළඹට යන්න සහ කොළඹ තුළ පොදු ප්‍රවාහන පහසුකම් භාවිත කිරීම රජයේ සේවකයන්ට සහ අත්‍යවශ්‍ය සේවා වල යෙදෙන සේවකයන්ට පමණක් නම් සෙසු ජනතාවට එක තහනම් නම් රජයේ කාර්යාල විවෘත කරන්නේ කුමකටද ? රජයේ සේවකයන්ට එහි ගොස් පුටු වල වාඩි වෙලා උඩබලාගෙන ඉන්නද කියන්නේ ? අනේ මෙහෙමත් මෝඩ තීරණ. රජයේ සේවකයෝ කියන්නේ ජනතාවට සේවය කරන්න සිටින පුද්ගලයන් , ජනතාව ගෙවල් වලට දමලා වහලා සේවකයන් පමණක් කැඳවන්නේ කුමකටද ?
දැන් ලංකාවේ රෝහල් වල ප්‍රතිකාර කරන කොරෝනා ලෙඩ්ඩුන්ගෙන් 95% ක් විතර ඔය කියන අත්‍යවශ්‍ය සේවා වල සාමාජිකයෝ. එම නිසා ඔය අත්‍යවශ්‍ය සේවා වල සාමාජිකයෝ සියල්ල නිරෝධායනය සදහා ඇතුළට අරන් සාමාන්‍ය ජනතාව එළියට දැම්මොත් ඔය ප්‍රශ්නේ විසදෙන්නේ නැතිද ?