
(ජේ.ඉඳුරුවගේ)
මගීන් හෝ බඩු ප්‍රවාහනය සඳහාවූ පොදු ගමනාගමන සේවාවන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරේ.
මෙකී සේවා මෙන්ම මෙම සේවා සඳහා අවශ්‍ය මංමාවත් ,පාලම් බෝක්කු සහ දුම්රිය මාර්ග ඇතුළු මංමාවත් මෙන්ම දුම්රිය මාර්ග මගින් ගමනාගමන සේවා සඳහා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී.ඒකනායක මහතා විසින් ඊයේ( 29)දිනෙන් නිකුත් කරනු ලැබීය.
මේ අනුව මෙම ගැසට් නිවේදනය මගින් ඕනෑම රාජ්‍ය සංස්ථාවකින්,දෙපාර්තමේන්තුවකින්,පළාත් පාලන ආයතනයකින්,සමුපකාර සමිතියකින් හෝ ඒවායේ ශාඛාවකින් සපයනු ලබන මෙකී සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය සේවා බවට පත්කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදා හරි දවසක පණපිටින් සිටීමත් අත්‍යාවශ්‍ය සේවාවක් කරලා ගැසට් ගහන්න වෙනවා
රටේ ඔක්කොම සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරලා, පාර්ලිමේන්තුව අනවශ්‍ය සේවාවක් බවට පත්කරලා ගැසට් නිවේදනය ගහන්න බැරිද ?
ලංකා..., පණපිටින් සිටීම අත්‍යාවශ්‍ය සේවාවක් වෙන්නේ දේශපාලකයින්ටයි, ඔවුන්ගේ හෙන්චයියන්ටයි, ප්‍රභූ පැලැන්තියට කියන අය විතරයි. යන විදිහට සාමාන්‍ය ජනතාවට සියදිවි හානිකර ගැනීම අත්‍යාවශ්‍ය සේවාවක් වේවි...!
ගමනාගමනය අත්‍යාවශ්‍ය සේවයක් කරන අයට දරුවන්ගේ උසස් අධ්‍යාපනයට බාධාවක් වෙලා තියෙන අනධ්‍යන කාර්‍ය මණ්ඩලය ගැන අදහසක් ඇත්තේම නැද්ද? ගුරු වෘත්තීය (සේවය නොවෙයි) ප්‍රධාන තනතුරු දහයට සම කරනවා කියන අනධ්‍යන වර්ජනය මෙහෙයවන පිරිසට අපි ආපුගමන් ඔහෙලාගේ ප්‍රශ්නය විසඳීමට කටයුතු කරනවා. එතෙක් ඉවසාගෙන වැඩට ගොස් දරුවන්ට සහන සලසන්න කියන්න බැරි ඇයි?
දුම්රිය ප්‍රමාදවීම් සහ අවලංගුවීම් සදහා දුම්රිය මගීන්හට නීතිමය පිළිසරණක් නැතිද ?