(ඩබ්ලිව්.ඒ. අසේල)

පාත හේවාහැට ප්‍රාදේශිය සභාවේ වත්මන් සභාපතිගේ  පාලනයට හා ඔහුගේ අවනීතියට එරෙහිව එහි උපසභාපති පියල් ජයසිංහ  මාරාන්තික උපවාසයක් ආරම්භ කළේය.

සභාවේ මාසික සභාවාරය පැවැත්වෙන අවස්ථාවේ මෙම උපවාසය ආරම්භ කර ඇති අතර පාතහේවාහැට ප්‍රාදේශිය සභාවේ වත්මන් පාලනය සමගි ජන බලවේගය සතුවන අතර එහි උප සභාපතිධූරය හිමිවනුයේ සර්ව ජන බලය පක්ෂයටයි.

එසේ පත්කල සභාපති මේවන විට තමන්ගේ හිතුමතේ කටයුතු කරන බවත් සභාවේ සාකච්ඡා වන දේවල් වෙනස් කර සභා වාර්තා පවා ඔහුට උවමනා ආකාරයට වෙනස් කරන බවත් උපවාසයේ නිරත උප සභාපති පියල් ජයසිංහ පවසා සිටි.

ඔහුගේ මෙම අවනීතියට එරෙහිව තමන් මෙම සටන දිගටම කරගෙන යන බව උපවාසකරු වැඩි දුරටත් පවසා සිටි.

මේ සම්බන්ධයෙන් වත්මන් සභාපති කේ.එස්.බී. රාජනායකගෙන් විමසූ විට ප්‍රකාශ කළේ සභා වාර්තාවේ ඇති අඩුපාඩුවක් සම්බන්ධයෙන් සංශෝධනයක් සිදු කරන බව තමා සභාවට ප්‍රකාශ කළ බවත් අදාල චෝදනා තමා සම්පූර්ණයෙන්ම ප්‍රකාශ කරන බවත්ය.