එම්.දසනායක
පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කිරවනාගොඩ ග්‍රාම සේවා වසමේ පිහිටා තිබූ වටිනා පාරිසරික පද්ධතියක් ගිනි තබා විනාශ කල පුද්ගලයෙකු අද(14) අත්අඩංගුවට ගත් බව තලාතුඔය පොලීසිය පවසයි.
පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොදා ගන්නා ඖෂධීය ශාක වර්ග වගා කර තිබූ භූමිය හා වන සතුන් ආරක්ෂා කිරීමේ අරමුණින් සංරක්ෂණ කරන ලද තමන් පදිංචි භූමියට අනවසරයෙන් ඇතුළු වී මෙම ගිනි තැබීම සිදුකර ඇති බවට භූමියේ හිමිකරුවන් විසින් තලාතුඔය පොලීසියට පැමිණිලි කර ඇත.
පැය පහකට ආසන්න කාලයක් පුරා පැතිර ගිය ගින්න හේතුවෙන් ලංකාවට ආවේණික පක්ෂී වාසස්ථාන ගණනාවක් මුළුමනින්ම විනාශයට පත්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාවත් ඔය ගින්නටම දමන්නයි තිබුනේ. මේවගේ අය මහා පොලොවට බරක්...!!! .
පරිසර විනාශය ගැන පසුතැවිලි වෙමින් සිටියදී, මෙවැනි අසමත්ජාති ක්‍රියාකාරීන්ට දියයුතු දඬුවම, ඒ ගින්නටම ඇදදමා තුරන් කිරීමයි... ලෝක දහම එයයි.
මොවුන්ට යම් දවසක යන්න වෙන්නේ නිරයටම තමයි. එහි යන්න කලින් මෙහෙදිත් හොඳට විඳවයි...
පරිසරය විනාශ කිරීම නිසාම දඬුවම් ලබමින් සිටියදීම, මෙවැනි අපරාධකාරයින්ට දියයුතු දඬුවම, එම ගින්නටම ඇදදමා" දැන් සැපද? " කියා විමසීමයි.
මේ සා විශාල අපරාධයක් කල මෙම පුද්ගලයාට මරණ දණ්ඩනය නියම විය යුතයි.