
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අතුරුගිරිය කඩුවෙල පාරේ ටැටු කලාගාරයක් තුළදී නාදුනන වෙඩික්කරුවන් අතින් ඝාතනයට ලක්වූ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් කැරොකේ වසන්ත ගේ දේහය මහජන ප්‍රදර්ශනය සඳහා තබා නොගන්නා ලෙස බොරැල්ල ප්‍රසිද්ධ පෞද්ගලික මල්ශාලාවකට යලිත් තර්ජනාත්මක ඇමතුමක් ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
එම තර්ජනාත්මක දුරකථන ඇමතුම සමග කියවී ඇත්තේ කංජිපාණී ඉම්රාන් ලබා දුන් දැනුම්දීම කැරෝකේ වසන්තගේ පවුලේ උදවියටද දැනුම් දුන්නේ ද ? යන්න බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
එයා කාරයෙන් ඉකුත් 10 වෙනි දින එම මල් ශාලාවට ලද තර්ජනාත්මක ඇමතුම සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියට ලද පැමිණිල්ලක් අනුව බොරැල්ල පොලිසිය අපරාධ විමර්ශන අංශය මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
එම තර්ජනාත්මක ඇමතුම් සමගම එම පෞද්ගලික මල්ශාලාවේ ශාඛා කාර්යාල දෙක ආසන්න මාර්ගයේ දැඩි පොලිස් ආරක්ෂාව යොදවා ඇති අයුරු දක්නට ලැබිණි.
මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ වෙත ඔත්තුව ලබා දුන් පළමු පුද්ගලයා ලෙස කැරොකේ වසන්ත හඳුනාගෙන ඝාතනය කළ බවට කන්ජ් පානි ඉම්රාන් පවසා ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මදූශ් පිළිබඳ විමර්ශන සිදුකළ කොළඹ අපරාධ කොට්ඨාසයේ හා බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ද ඝාතනය කරන බවට කංජි පානි ඉම්රාන් පවසා ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
ඉකුත් 8 වෙනිදින ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් කැරොකේ වසන්ත ඔහුගේ බිරිඳ මෙන්ම ජනප්‍රිය ගායිකා කේ සුජීවා සහ ඇයගේ සැමියා ඇතුළු කීප දෙනකුටූ ටැටු කලාගාර විවෘත කිරීමට උත්සවයට සහභාගී වී කිරිබත් ආහාරයට ගනිමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ටි 56 ගිනි අවියකින් තබා පලා ගොස් තිබිණි.
COMMENTS
මේ රටේ නියම පාලකයා කවුද? පොලිස් ඇමැතිගේ සහ පොලිස්පතිගේ යුක්තිය කෝ ජනතාව මර බියෙන්....
මේ නාට්ටියේ දැන් යන එපිසෝඩ් .....තාත්වික නෑ වගේ නේද.....ඕවර් ඇක්ටින් ගියොත් වැඩේ මිනිස්සු විස්වාස කරන්නේ නෑ....
කොන්ද පණ නැති පාලකයෙක් ඉඳීමේ ප්‍රතිවිපාක... ඌ දන්නේ ලෝකේ වටේ රවුම් ගහන්ඩයි, රට විකුනන්ඩයි විතරයි. හරිනන් මරණ දඬුවම ක්‍රියාත්මක කරලා ඔහොම කරන උන් දෙතුන් දෙනෙක් එල්ලන්ඩ ඕන, උන්ට වෙන්නේ මේකයි කියල පෙන්නන්ඩ. ඒකට මේ පිනා. නාට්‍ය කාරයෙක්ට පොලිසිය දීලා. ඌත් ඉතින් පොර ටෝක් දීගෙන, යුක්තිය කියල නාට්‍යක් කරනවා, ඒත් පාතාලේ එහෙමමයි. මේ සිද්ධියෙන් පාතාලෙට අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලැබෙනවා. අර වැලේ වැල් නැතුව හන්දි බෝක්කු වල වාඩි වෙලා ඉන්න උනුත් හිතනවා පාතාලෙට සෙට් වෙන එක තමා වැඩේ කියල.
පාතාලය සම්පුර්ණයෙන්ම ඉවර කරන්න පුළුවන් අනුර කුමාරට විතරයි.
වසන්ත අයියට ගහලා දැම්මේ ඇත්තටම කංජිපානිද? එහෙනම් වෙඩි තියන්න ආපු හතරෙන් එකෙක් වත් අල්ලන්න බැරි වුනේ ඇයි? අර ටැටූ කාරයා පස්සේ විතරක් පන්න පන්නා කේස් එක එතනට පමණක් සීමා කරන්නේ ඇයි. වසන්ත අයියා ලංකාවේ වඩාත්ම ජනප්‍රියව නැගී එන පක්ෂයක පිලිකන්නේ ලගින්න සැරසුන නිසාද සමහර දේශපාලකයන්ගේ නොමනා රහස් රැක ගන්න ගහලා දැම්මේ…?
ඕවා ලේසි දේවල් නෙමේ පුතේ .සංසාරේ ආත්ම ගණන් යන බැඳීම් .අපි ඕවා අත ඇරලා දාලා ඉන්නයි ඕන
වසන්ත අයියගේ කේස් එකෙන් පස්සේ අර පාර අයින් වල ආප්ප කාපු සෙට් එක අතුරුදහන් ඇයි….? ඒ අයත් මදූෂ් බෑන්ක් එකෙන් ණය අරන් වත්ද..?
දැන්වත් මිනිස්සු තේරුන් ගන්න ඕනා, යුක්තිය අරක මේක කියන්නේ බොරු සංදර්ශන . හොරු අල්ලන එක පොලිසියේ රාජකාරිය. ඒක කරලා TV වල පෙන්නන්න දෙයක් නෑ. හැමෝම කරන්නේ රස්සාවක්. එහෙනම් හැමෝම දවස අන්තිමේ මම කලේ මේක කියලා TV එකට දාන්න ඕනා. බොරු සන්දර්ශන වලින් රටක සාමය නීතිය සුරක්ශිත වෙන්නේ නෑ..
මහා කොටියා ප්‍රභාකරන් වත් මෙච්චර නෑ
කලබ් වසන්ත - කැරොකේ වසන්ත (මාද්‍ය සදාචාරය සාමාන්‍ය ජනයාටත් මෙහෙම සලකනවානම් නේද?)
මේ රටේ නියම පාලකයා පාතාලය බවට පත්වන දිනය ඉතා ආසන්න බව පෙනේ.
මල් සාලා කාරයා කරන්නේ එයාලගේ රැකියාව .පාතාලය රජ කරවන විදියට වැඩ සිද්ද කෙරුවේ බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත පවුල් පාලනේ උන් ?
මේවා පාතාල ගැටුම් පොලිස් අනුබල ඇතිව...