





(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වසර 100 ආසන්න පැරණි කඩොලාන රක්ෂීත භුමියක් ලුණු ටැංකි සැකසිම සදහා වනසා ඇති බව පරිසර සංවිධාන චෝදනා නගති.
මුන්දලම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් පුලිදිවාසල් ග්‍රාම නිළධාරි වසමේ පුත්තලම කලපු තීරයට අයත් කඩොලාන පරිසර පද්ධතිය මෙසේ නීති විරෝධි ලෙස ලුණු ලේවායක් සැකසීම සදහා වනසා ඇති බව පරිසර සංවිධාන චෝදනා කරති.
මෙසේ වනසා ඇත්තේ වසර 100 කට ආසන්න පැරණි දැවැන්ත කඩොලාන පද්ධතියක අක්කර පහකට ආසන්න භුමියක් බව පරිසරවේදීයෝ පවසති.
මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කය තුළ සිමිතව ඇති කඩොලාන බිම් ප්‍රමාණය නැවතත් ඉස්සන් ටැංකි හා ලුණු ටැංකී ඉදිකිරිම සදහා වනසමින් ඇති බව ඔවුහු කියති.
අදාළ භුමි ප්‍රදේශය හිමි මුන්දලම ප්‍රාදේශීය ලේකම් විජානි වසන්තිකා මහත්මිය කල විමසිමේදි මෙසේ පැවසුවාය.
“මම අපේ සියලුම ග්‍රාම නිළධාරින් දැනුවත් කර තිබෙනවා කඩොලාන භුමි පිළිබදව නිසි අවධානය යොමු කරන්න කියලා .ඒ නිසා මම කඩිනමින් අදාල නිළධාරින් යොමු කරන්නම් සිද්ධිය සොයා බලන්න. අනික කඩොලාන ගසක්වත් කිසිම ලෙසකින් ඉවත් කරන්න අවසර දෙන්න එපා කියලා නිළධාරින් දැනුවත් කර තිබෙනවා.
කෙසේ වෙතත් මේ පිළිබදව පුත්තලම දිසා වන නිළධාරි කාර් යාලයේ ඉහල නිළධාරියකු ගෙන් කළ විමසිමේදි පවසා සිටියේ මේ පිළිබදව සොයා බලන බවයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යෙන්ම මෙම විනාශයේ පීතෘත්වය දේශපාලුවෙකුගේ බව නම් විස්වාසය..
මේ ආණ්ඩුව පත්වුනදා ඉදලම කැලෑ කඩොලාන එක්ක පුදුම තරහක්නෙ තියෙන්නෙ. දිගට හරහට විනාශ කරනවා. මෙහෙම ගිහිල්ලා ලංකාව කාන්තාරයක් කරල තමයි පස්ස බලන්නෙ. අපියි අපේ දරුවොයි එපැයි මෙව්වට වන්දි ගෙවන්න ..
මේවා ගැන ආණ්ඩුව කිසිම දෙයක් කරන්නේ නැති බව දන්නවානේ. ඒ නිසා කලබල වෙන්න එපා. කලබල වුනා කියල ඇති වැඩක් නැහැ.
කපලා විනාස කරාට පස්සේ සොයා බලන්න.
හුස්ම ගන්න ඔක්සිජන් මොකටද.?
මේ මොනවද දවසින් දවස වෙන්නේ.?
හාමුදුරුවරු ටික එකතු වෙලා මරක්කලයන්ට ආණ්ඩුවක් හදලා දුන්න. සිංහල රටට, වනාන්තර වලට, ගහකොළට, සතා සීපාවට ආදරයක්, බැඳීමක් නැති ජාතියකට බලය දුන්නු එකේ විපාක රටටම විඳින්න වෙලා....
යම් ප්‍රදේශයක ජීවත්වන ජාතියක් අනාවරණයෙන්ම මෙ සම්බන්ධයෙන් තීරණ ගැනීමට සිතාබැලීමට අපහසුයි නේද? තන්හාව පොදු දහමක්... ඊට ජනවර්ගය, ජාතිය හා ආගම බලපැමක් නැහැ. මා දන්නා තරමින් ඉස්ලාම් දහමෙ දේශනා කරතිඛෙන්නේ ගසක සෙවනටවත් මුත්‍රා කරන්න එපා කියලයි. ඒ කියන්නේ පරිසරයට ආදරය කරන්න කියන එකයි. ධන බලය ඉදිරියේ හුස්ම නොගෙන ජීවිතයට හුස්ම ගන්න ඔක්සිජන් ඔනෑ නෑ කියන ජාතියක් ඉන්න රටෙ මීට වඩා දෙයක් බලාපොරොත්තු නොවිය යුතුයි කියන හැගීමයි මට තියෙන්නේ... ස්තුතියි...
මෙ ආණ්ඩුව බලයට ආ දවසේ ඉදන් පරිසර විනාශ උපරිම අයුරින් සිදුවෙමින් පවතියි.
මිනිසුන්ට, සත්තුන්ට නිදහසේ ජීවත් වෙන්න තියෙන සුන්දර පරිසරය විනාස කරන්න මේ වගේ මුදල් පස්සේ හඹායන මිනිස්සු නිසා තමා අද ලෝකයට මෙවන් විපත් ලඟා වෙලා තියෙන්නේ.
69 ලක්ෂයට මේවා මිහිරි දසුන්.