IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පුත්තලමේ තල් ගසට හොඳ කලක්

 

 

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

 

පුත්තලම දිස්ත්‍රික්කය තුළ තල් ආශ්‍රීත කර්මාන්තය නඟා සිටුවීමේ අරමුණින් නව වැඩපිළිවෙළක් ආරම්භ කිරිමට පොල්,කිතුල් ,තල් ,රබර් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන අපනයන විවිධාංගීකරණ රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා පියවර ගෙන තිබේ. 

උතුරේ ජනතාවට තල් ගස් කප් රුකක් උවද දකුණේ පොල් ගස කප් රුක පොල් ගසය.

මේ නිසාම පුත්තලම දිස්ත්‍රික්කයේ තැනින් තැන විසිරි ඇති ස්වභාවික ක්‍රමවේදයන් අනුව පිහිටි තල් ගස නිසි ඇගයීමකට ලක් වී නොතිබිණි.

මේ හේතුවෙන් තල් ගස නිසි ලෙස කළමනාකරණය කරමින් එයින් උතුරේ ජනතාවගේ ප්‍රයෝජනයට ගැනීමට කටයුතු ආරම්භ කර තිබේ.

මේ නිසාම උතුරේ තල් ගස ආරක්ෂා කර ගනිමින් ඒ සඳහා අවශ්‍ය නිසි පහසුකම් සේම නව ක්‍රමවේදයන් හරහා වෙළඳපොළ සකසමින් පුත්තලමේ තල් ගසට ද නිසි තැන ලබා දීමට රාජ්‍ය ඇමැති නිළධාරින්ට උපදෙස් දී ඇත.

ඒ අනුව ‘ප්ලාස්ටික් භාවිතය අවම කරමින් පරිසර හිතකාමී වටපිටාවක්’ යන තේමාව යටතේ තල් ගස ආශ්‍රීත කර්මාන්තයන් දියුණු කරමින් ජනතාවට තල්  ආශ්‍රිත කර්මාන්ත වලට හුරු කිරිම  අරමුණ බව අරුන්දික ප්‍රනාන්දු මහතා කියයි.

පුත්තලම දිස්ත්‍රික්කය තුළ තල් ආශ්‍රිත කර්මාන්තයේ ජනප්‍රිය කරවීමේ අරමුණින් වෙන්නප්පුව ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේ දී  තල් ආශ්‍රීත නිෂ්පාදන ජනතාව අතර ජනප්‍රිය කිරිමේ අරමුණින් විශේෂ ප්‍රදර්ශනයක් ද සංවිධානය කර තිබිණි.

මෙම අවස්ථාවට රාජ්‍ය ඇමැතිවරයා සමඟ තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති කුෂාන්ත පතිරාජ මහතා ද එක්ව තිබිණි.

මෙහිදී තල් සංවර්ධන මණ්ඩලය තල් ආශ්‍රිත නිෂ්පාදන රැසක් ප්‍රදර්ශනයට එක්කර තිබූ අතර ඉතාම සහනධායි මිලකට මෙම නිෂ්පාදන මිලදී ගැනීමට ද අවස්ථාව ලබා දී තිබුණි .



අදහස් (8)

පුත්තලමේ තල් ගසට හොඳ කලක්

ආනන්ද පිටබැද්දර Wednesday, 16 September 2020 10:10 AM

සිය රට දේ සිරි සැප දේ. හරිම ලස්සන නිර්මාණ රැසක්. මේවා පොලිතීන්, ප්ලාස්ටික් වෙනුවට පරිසරයට හිතකාමී දේවල් හැටියට යොදාගැනීම ඉතාම හොඳයි. අපේ පළාත් වලටත් එවන්න. වැඩි වැඩියෙන් මිලදී ගන්නම්...

:       28       377

විජේ Thursday, 17 September 2020 05:03 AM

මේ කමෙන්ට් එකටත් අකමැති අය ඉන්නවනෙ.

:       0       1

priyantha Wednesday, 16 September 2020 12:54 PM

හරිම ලස්සනයි, ආඩම්බරයි... ප්ලාස්ටික් වලට බායි..

:       1       57

normanWednesday, 16 September 2020 03:27 PM

පැදුරු වියන්නද ඡන්දේ දුන්නේ?

:       118       140

susil Wednesday, 16 September 2020 02:12 PM

ඕකද දැන් ඔය සංවර්ධනය කියන්නේ..?

:       93       69

bongoWednesday, 16 September 2020 03:19 PM

දූපත් මානසික රෝගීන්ගේ තාක්ෂණය... තේරුණාද?

:       80       1

kamal Thursday, 17 September 2020 04:36 AM

පෙනුමෙන් ඉහළ තත්වයක නිමාවක් පෙනෙන්න තියෙන්නේ. මේවාට බටහිර රටවල ඉල්ලුමක් තියෙන්න පුළුවන්. පරිසර හිතකාමි භාවය නිසා..

:       0       2

Daniyel Perera Dankotuwa Thursday, 17 September 2020 04:54 AM

ගරු ඇමතිතුමනි, ඔබතුමා දන්නවානේ අපේ පළාතේ පොල් කර්මාන්තෙට ප්‍රසිද්ද බව.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 165 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 151 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 958 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site