IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පුතාගේ පිහි පහරින් පියා එළොව යයි

(චමින්ද වැවතැන්න සහ ශාන්ත පී බණ්ඩාර)

බිමත්ව පැමිණ මවට පහරදුන් පියා පුතාගේ  පිහියකින් ඇන ඝාතනය කොර ඇතැයි මාවනැල්ල පොලිසිය කියයි.

එම ඝාතනය සම්බන්ධයෙන් මියගිය තිදරු පියාගේ වැඩිමහල් පුතා පිහියක් සමග අත් අඩංගුවට ගත් බව මාවනැල්ල පොලිසිය කීය.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මාවනැල්ල මාකෙහෙල්වල ඉහළකෝට්ටේ ජගත්ප්‍රිය ධර්මරත්ත නැමැති 42 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පැවසීය.

ඝාතනයට ලක්ව ඇති පුද්ගලයාට දරුවන් තිදෙනකු සිටින බවත් රැකියාව ලෙස කුලී වැඩ කර බිරිද හා දරුවන් ඇති දැඩි කර ඇති බවත් පොලිසිය පැවසීය.

ඝාතනයට ලක්ව ඇති තිදරු පියා කාලයක සිට මත්පැන් පානය කර නිවසට පැමිණ බිරිදට බැන පහර දෙන බවත් එය ඉවසා දරා ගැනීමට නොහැකිව 20 හැවිරිදි පුතා සිට ඇතැයි  පොලිසිය පවසයි.

සුපුරුදු පරදි මත්පැන් පානය කර නිවසට පැමිණි සැමියා බිරිදට සිදු වූ ගැටුමක් අතරතුර පියාගේ පපුවට පිහි පහරකි වැදී ඇති බවත් කළ මුලික විමර්ශන කටයුතුවලදී අනාවරණය වු බවත් පොලිසිය පැවසීය.

ඝාතනයට ලක්ව ඇති තිදරු පියා  මිදුලේ වැටී සිටි බව පොලිසිය පවසයි.

 



අදහස් (1)

පුතාගේ පිහි පහරින් පියා එළොව යයි

රොශාන් Monday, 26 December 2022 08:15 PM

බීමත්කම එක්ක සිදුවන ගෘහස්ත හිංසනයට එරෙහිව ක්‍රියා කරන්න ලංකාවෙ නීතිය ශක්තිමත් මදි. අපරාදෙ තරුණ ජීවිතයක් විනාස උනා.

:       2       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site