ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
අවුරුදු 83 වයසැති පියාට පිහියකින් ඇන ඝාතනය කළේ යැයි කියන 43 පුතා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ මිනුවන්ගොඩ වෑගොව්ව චාමල් මාවතේ පදිංචිව සිටි නිශ්ශංක පතිරණලාගේ ජිනදාස නැමැති සිව් දරු පියෙකි.
මරණ කරුගේ බිරිඳ මිය ගොස් ඇති අතර මිරිස් මෝලක් පවත්වාගෙන යමින් ජීවිකාවගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු වසර ගණනාවක සිට කිසියම් රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිටින අයකු බව පවුලේ අය පවසන්නේ යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
පියාගේ පිට ප්‍රදේශයට පිහියකින් ඇනීමෙන් පසු ඔහු බරපතළ තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මිනිසුනේ කොහේ යන්නද මේ අපරාධ කරලා.. දෙමව්පියන්ගෙන් කරදරයි නම් ඉවත්වෙලා පලයල්ලා වෙන තැනකට. පාරේ හිටියත් සැපයි ඔයවගේ ආනන්තරීය පාපකර්ම කරලා අවීචියේ යනවට වඩා... ඉතිරි කාලේ මෙලොවත් දුකෙන්, මරණෙන් පස්සේ අනිවාර්යෙන් අපායේ දුක..... මියගිය පියතුමාට නිවන්සුව පතමු.!
ඕනම මිනිමරුවෙක් මානසික ලෙඩෙක් කියලා උන්ගෙන් ප්‍රතිලාභ ලැබෙන ඥාතීන් කියන තත්ත්වයට ලංකාව පත්වෙලාද?