(සුජිත් හේවාජුලිගේ )
රටේ පාසල් දරුවන්ගෙන් ලක්ෂ තිහකට ආසන්න පිරිසකට පොත්පත් ඇතුළු උපකරණ ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් අධ්‍යාපන කටයුතු නිදහසේ කරගෙන යෑමට බාධාකාරී තත්වයක් මතුවීමෙන් දැඩි සේ පීඩාවට පත්ව සිටින බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.
මේ ගැටළුව සම්බන්ධයෙන් පාලකයන් මෙන්ම පාර්ලිමේන්තුවද විශේෂ අවධානය යොමු කර එම උපකරණ සහන මිලට ලබා ගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන්නැයි ඉල්ලීමක් කළ මන්ත්‍රීවරයා පාසල් උපකරණ ප්‍රශ්නය හේතුවෙන් දරුවන් විශාල පිරිසක් පාසල් අධ්‍යාපනයට සමුදී ඇතැයිද සඳහන් කළේය.
මේ තත්වය සැලකිල්ලට ගෙන පාසල් දරුවන් වෙනුවෙන් අඩු මිලට පොත් පත් ඇතුළු පාසල් උපකරණ ලබාදීමේ වැඩපිළිවෙළක් පාසල් මට්ටමින් වහාම ක්‍රියාත්මක කරන්නැයි විශේෂ ඉල්ලීමක් කරන මන්ත්‍රීවරයා ඒ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා දෙස් විදෙස් දානපතියන්ගෙන්ද සහාය ලබාගත හැකි බව ප්‍රකාශ කළේය.
මේ අතර ඇතැම් පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන් දරුවන්ගෙන් අසීමිතව මුදල් අය කරන බවට තොරතුරු වාර්තාවී ඇති බවත් මවුපියන් දැඩි ආර්ථික පීඩනයක පසුවන හෙයින් සාධාරණ පන්ති ගාස්තු පැකේජ ක්‍රියාත්මක කරන ලෙස රටපුරා ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරන බවත් ගාමිණී වලේබොඩ මහතා සඳහන් කළේය.
ඇතැම් ගුරුවරුන් රටේ තත්ත්වය සැලකිල්ලට ගෙන දරුවන්ට නොමිලයේ අධ්‍යාපනය ලබා දීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටින බව පැවසූ මන්ත්‍රීවරයා එම ගුරුවරුන්ගේ ඒ මාහැඟි සේවාව අගය කරන බවද ප්‍රකාශ කළේය.
ගාමිණී වලේබොඩ මහතා මෙසේද සඳහන් කළේය.
පාසල් උපකරණ ලෙස පොත්,පත් පෑන් ,පැන්සල්, සපත්තු ,පාසල් බෑග්,මෙන්ම පාසැල් නිල ඇඳුම් දේශිය වශයෙන් සුළු හා මධ්‍ය පරිමාණයෙන් නිෂ්පාදනය කරපු සියලුදෙනාගේම නිෂ්පාදන හා ව්‍යාපාරික කටයුතු අමුද්‍රව්‍ය නොමැතිවීම,ඉතා ඉහළ බැංකු පොලී අනුපාත වැනි හේතු නිසා ඇනහිට ඇත.මෙම පාසල් ද්‍රව්‍ය හිඟයට එයත් ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙනවා.
මහබැංකුව සියලු දෙනාටම එක හැන්දෙන් බෙදීමත් ආර්ථිකයේ ඇතැම් අර්බුද නිර්මාණය වීමට හේතු වී තිබෙනවා.රජයට කොපමණ පැහැදිලි කිරීම් කළත් රජය හා ප්‍රතිපත්ති සම්පාදකයන් මේ පිළිබඳව අවධානයක් යොමු කරන්නේ නැති එක කනගාටුවට කරුණක්.
2025 දෙසැම්බර් මස 18
301
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
997
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොත් ගන්න බැරුව දරුවන් ලක්ෂ 30ක් අමාරුවේ
Chaminda witharana Monday, 06 February 2023 02:03 PM
මෙහෙම වුණේ නුඹලා වගේ කියත්මගේ අය නිසා කියලා මුලුරටම දන්නවා.. ජනතාව අමාරුවේ දමා පැනලා ගිහිල්ලා සුදනෝ වෙන්න හැදුවාට නුඹලා කරපු පාප කර්මය කරත්තය අදින ගොනා පස්සේ එන රෝදය වගේ නුඹලා පස්සේ එනවා. ඒක නවතන්න වයිමාටවත් බැහැ. සුනාමි ආධාර හොරාකෑම ගැන කියද්දිත් ඒකෙම එල්ලිලා හිටපු නිසා නුඹලාට කිසිම සමාවක් ඇත්තේම නැහැ..
pakeer Monday, 06 February 2023 02:55 PM
මුලින්ම බලපල්ලා... ලංකාවේ කඩදාසි කම්මල් දෙක... උපරිම ධාරිතාවයෙන් ක්‍රියාකරවන්න ක්‍රමයක්... නැහැ නැහැ කිය කියා ඉන්න එපා. මම දන්නා තරමින් ... ඒ කර්මාන්ත ශාලා තියෙන්නේ ජර්මනියේ නිෂ්පාදිත, ලයිෆ් ටයිම් වොරන්ටි තියෙන මැෂින්...