
(ඩයනා උදයංගනී)
පවතින ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් රටට සහයෝගය සහ ආධාර ලබාදෙන්නැයි ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දකුණු කොරියාවේ සියොල් නුවරදී පැවති ආසියා පැසිපික් කලාපයේ ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයින්ගේ සමුළුව අමතමින් පැවසීය.
පවතින අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු ලෙස තමන් රටේ අසරණ සහ දුගීභාවයට පත් ජනතාව වෙනුවෙන් සියලු දෙනාගේ සහයෝගීතාව හා සහෝදරත්වය අපේක්ෂා කරන බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
රටක් සාර්ථකව ඉදිරියට යාමට නම් අරමුණට අවංක වූ ආණ්ඩු පක්ෂයක්ද, පටු දේශපාලනික අරමුණු වලින් ඔබ්බට සිතන ප්‍රගතීශීලී විපක්ෂයක්ද තිබීම වැදගත් බවත්, එසේ නොවන විට එහි විපාක විඳින්නේ ජනතාව මිස දේශපාලනඥයින් නොවන බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසිය.
දකුනු අප්‍රිකානු නායක නෙල්සන් මැන්ඩේලා වැනි අව්‍යාජ සෘජු නායකයන්ට අසාධාරණ ලෙස විවිධ දඬුවම් විඳින්නට සිදුවීම ස්වභාවික බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට හේතුව යුක්තිය දේශපාලනීකරණයවීම බවත්, ඒ සියල්ල නිහඬව දරාගන්නා නායකයින් අභියෝග මැද සිය අවසාන අරමුණ ජයගන්නා බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න මෙතුමා රටට කොයිතරම් ආදරේද? ලෝකේ පුරා ගිහින් රට වෙනුවෙන් හිඟාකනවා. වැලපෙනවා. අපිට කන්න නැහැයි කියනවා, බොන්න නැහැයි කියනවා, කීයක් හරි දෙන්න කියනවා. මට නම් මෙයාට තව වතාවක් දෙන්නමයි හිත... මෙයා ඉන්නකම් මොනතරම් දෙයක් රට වෙනුවෙන් කළාද? පාස්කු ප්‍රහාරය වළක්වා ගත්තු එකම මදැයි...!
දූෂිත දේසපාලුවෝ රටම හොරාකාලා විනාශ කෙරුවා .දැන් ආදාර හින්ගාකනවා..හෙල්පින්ග් හම්බන්තොට වගේ ගිණුමක් දාගත්තනම් හොදා ???
ඊයා.. ලැජ්ජාවේ පනයනවා!! ඇඳුමක් ඇඳගෙන කොහොමද අපි ලෝකෙන්ම උතුම් රටේ ප්‍රෞඩ ජාතිය ලෙස ලෝකෙට මුහුණ දෙන්නේ.. හොර තක්කඩි දේශපාලකයෝ ලංකාවේ ඇතුලේ පදින වාහන දිහා බැලුවාම රටේ ජනතාව හිඟන්නන් බවට පත් කලේ කවුරුන්ද කියලා ලෝක නායකයින්ට තේරුම් ගන්න අපහසු නැහැ. ලංකාව ඇතුලේ උජාරුවෙන් හිටියට ලෝකෙට හිඟන්නු!! අනේ මෙහෙමත් කරුමක්කාර ජීවිත, මේ මහපොළොව බදාගෙන සදා නොමැරී ජීවත් වෙන්න හදන බහිරවයෝ!!
මෙයා හිතාගන ඉන්නේ තවම මෙයා රටේ රාජ්‍ය නායකයක් කියල. පාස්කු ප්‍රහාරය වලක් වන්න අවස්තාව තියද්දීත්, තමාගේ වගකීම් ඉටු නොකර, දැන් මෙයාට රටේ ජනතාව ගැන කිඹුල් කඳුළ හලනවා. මෙයාගේ හුස්ම වදින තැනත් ඉන්න හොඳ නැහැ.
කැලේ ඉන්න රිලවෙකුට අපේ ඡන්ද දුන්නත්, ඔහේට නම් දෙන්නේ නැහැ...
හිඟාකන්න කළින් හොරාකාපුවා වමාරලා ඉන්න...
පීඩාවට පත්කළේ ඔයාලනේ... කාලකණ්ණි.. දැන් බොරුවට කිඹුල් කඳුළු හෙළනවා.