
(රෝෂන් තුෂාර)
බෝරා උත්සවය පැවැත්වෙන කාල සීමාව තුළදී ඒ අවට ප්‍රදේශයේ සැරිසරමින් ජංගම දුරකථනයකින් ඒ අවට වීඩියෝ ගත කලේ යැයි කියන පස්රූල් රහ්මාන් මොහොමඩ් නොහොත් "පොඩි සහරාන්" මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද(30) නියෝග කළේය.
බම්බලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ප්‍රශ්න කළ පස්රූල් රහ්මාන් මොහොමඩ් ත්‍රස්ත විමර්ශන කොට්ඨාස නිලධාරීන් මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
රහ්මාන් මොහොමඩ් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාස නිලධාරීන් සඳහන් කර සිටියේ සැකකරු රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව කිසිදු ත්‍රස්තවාදී හෝ අන්තවාදී කටයුත්තක් සම්බන්ධයෙන් අපරාධමය වරදක් සැකකරු සම්බන්ධයෙන් අනාවරණය නොවන බවය.
පසුගිය 27 දින බම්බලපිටිය දුම්රියපොළ හා බෝරා පල්ලිය ආවරණ වන පරිදි වීඩියෝ ගත කිරීමක් සිදුකර යම් අපරාධයක් සිදු කිරීමට පූර්ව උපාය යෙදීමට සැලසුම් කරන්න ඇති බවට සැකපිට රාජ්‍ය බුද්ධි සේවාවේ නිලධාරින් ලබා දුන් තොරතුරක් අනුව බෝරා පල්ලිය අසල දුම්රිය මාර්ගයේදී බම්බලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට වෙතට භාර දුන් බවත්,සැකකරු රදවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙසේ අධිකරණයට ඉදිරිපත් කරන බවත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සඳහන් කළේය.
සැකකරු පෞද්ගලික ආයතනයක අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයකු බවත් ඔහු විසින් දුරකථන උපාංගයක් අලුත් වැඩියා කිරීමට ලබා දුන් ස්ථානයකට ඒ ලබා ගැනීමට නැවත පැමිණි අවස්ථාවේදී මෙසේ වීඩියෝ ගත කර ඇති බවත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට හොයලා බලන්න නැතිනම් ඥාණසාර හාමුදුරුවන්ගෙන් අහලා බලන්න.
බෝම්බ ගහලා බරපතල විනාශයක් කළාට පස්සේ අත්අඩංගුවට ගන්න. එතකොට ඔප්පු වෙනවනේ...