දයාසීලී ලියනගේ
රාජ්‍ය සේවයේ සභාපතිවරුණ් ඇතුළු ඉහළ නිලධාරීන්ගේ වැටුප අඩු කළ යුතු බවට ජනාධිපතිවරයා උපදෙස් දී ඇතත් තවමත් රජයේ ආයතන 25 ක ප්‍රධානීන් මාසිකව වැටුප් හා දීමනා ලෙස රුපියල් ලක්ෂ 7 සිට 25 දක්වා මුදලක් ලබන බව වාර්තාවෙයි.
මෙවැනි වැටුප් හා දීමනා ලබා ගන්නා ප්‍රධානීන් සිටින ආයතන බොහොමයක් මේ වනවිට පාඩු ලබන මට්ටමේ ඒවා වීමද විශේෂත්වයකි. ඇතැම් ආයතන ප්‍රධානීන් නීත්‍යානුකූල නොවන ආකාරයට අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය පමණක් ලබාගෙන සිය දීමනා වැඩිකර ගෙන ඇති බවද වාර්තාවෙයි.
ඇමති කමිටුවක් මගින් මෑතක දී කරන ලද විමර්ශනයකදී ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතනයක සභාපතිවරයෙකු වැටුප් සහ දීමලා ලෙස ලක්ෂ 22 ක් මාසිකව ලබන බව අනාවරණය වී තිබේ. මේ තරම් විශාල ලෙස වැටුප් හා දීමනා වශයෙන් ලබමින් පාඩු පිට පවත්වාගෙන යන ආයතන පිළිබඳව ජනාධිපතිවරයාට වාර්තාවක් ලබා දීමට මෙම ඇමති කමිටුව සූදානම්න් සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ්ක තමයි සෞභාග්‍යයේ දැක්ම... !!!
ජනාධිපති බබෙක්ද දන්නේ නෑ කියන්නේ...? හොඳටම දන්නවා හැබැයි දන්නේ නෑ වගේ ඉන්නවා...
රජයක් බලයට පත්වූ විගස, ලොකුපුටු දෙන්නේ තම කිට්ටු හිතවතුන්ට හා නෑදෑයන්ටයි. එසේ නොමැතිනම්, පාඩු ලබමින් මෙවැනි අතිවිශාල මුදලක් ලබා ගනිමින් මේ ලෙස රටේ මුදල් කාබාසිනියා කිරීමට එසේ මෙසේ අයට පුලුවන්ද? අද ටීවී චැනල් එකක ගිය එක්තරා පුවතකට අනුව, දුෂ්කර ප්‍රදේශයක දුප්පත් දරුවන් 25 දෙනෙක් එක ෆෝන් එකකින් ඔන්ලයින් ක්‍රමයකට ඉගෙනගන්නවලු. මෙවැනි රටක මෙසේ රටේ මුදල් කාබාසිනියා කරන අයට තවත් ඒ ආකාරයට හැසිරීමට ඉඩදෙනවාද? යන්න නූතන පාලකයන් ඉදිරියේ ඇති බැරෑරුම් ප්‍රශ්නයකි....
පාඩු පිට ලක්ෂ 22යි.. ලාභ නම් කීයක් ගනීද? රට ගැන දුකයි.
ජනාධිපතිකම ලැබුණාම 2/3 නැතිව වැඩක් කරන්න බෑ කිව්වා. දැන් අපි 2/3ත් දුන්නා. තව මොනවද දන්නේ නෑ වෙන්න ඕනේ අපෙන්... මේ පාර බැරිවෙච්චි ටිකකරන්න ලබන පාරත් ඕනෑ කියයිද දන්නේ නැහැ.
අද රට වැටිලා තියෙන තත්වයට ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ අයත් වග කියන්න ඕනෑ... අඩුම තරමේ තමන් ගන්න වැටුපටවත් වටිනාකමක් දෙන්න බැරි නම් එවැනි මිනිස්සුන්ගෙන් මේ රටට ඇති වටිනාකම මොකක්ද...? මෙන්න මේ දේවල් නැතිකරයි.. කියන අදහසින් තමයි අපි ගෝඨාභය රජපක්ෂ මහත්මයාට ඡන්දය දුන්නේ... ඒත් මට තියෙන සැකය අවසානයට ඒ මිනිස්සු ගානටම අපේ ජනාධිපතිතුමත් දැන් වැටිලා කියන එක...
රටක ඇති සාරය - ගිලින අවතාරය , එහි මහ කොටාරය - සොරෙකුටම බාරය , වැසියනි දිවා රැය - නොකලොත් විචාරය , සිහියේ තබාගන් - අද මියන්මාරය……
ඔව් මේ ක්‍රමය වෙනස් විය යුතුමයි. නැතිනම් රටට ගොඩ ඒමක් නෑ. ශ්‍රී ලංකන් ගුවන් සේවයටත් වෙලා තියෙන්නේ ඒකමයි....
මේ වාර්තාවට පාර්ලිමේන්තුවත් ඇතුළත්ව ඇති. අපි දන්නවනේ අපේ සර්ගේ වැඩ.
අර උඩින් යන ලංකා එකේ ලොකු අයත් ගන්නේ ඔය වගේ වැටුප් තමයි. පාඩු පිට පාඩු... ඒත් ලොක්කන්ගේ වැටුප අහස උසට... යහපාලනේ කාලේ හිටපු CEO ගත්තා හෙනගහන ගාණක්... දැන් ඉන්න කෙනා කීයක් ගන්නවද දන්නේ නැහැ.
ලංකාවේ බොහෝ රජයේ ආයතනවල තත්වේ ඕකයි. නිකරුනේ වැටුප් ගන්නවා. කිසිම අයතනයකින් නියමනයක් වෙන්නේ නැහැ මොකක්ද මේ අයගේ ආර්ථිකයට ඇති දායකත්වය කියලා.
රට දුවන්නෙ පරන පීල්ලෙමයි. කලබල වෙන්න එපා අපි නම් දන්නව කිසි වෙනසක් නොවන බව,
කවුරුහරි, කොහොමහරි ඔය විනාශ කරන ආයතනවල සහ ඔය හොරුන්ගේ නම් ටික ප්‍රසිද්ධ කරලා ජාතික මට්ටමින් උද්ඝෝෂණයක් කළොත් සමහරවිට ඔය තත්වේ වෙනස් කරගන්න පුළුවන් වේවි... නැත්නම් ඔය අය හැමදාම ඉඳීවි..!!!.
පීලි වෙනස් කරන්න නම් ප්‍රධාන දේශපාලන පක්ෂ 02 න්ම අයින් විය යුතුයි. එතකොට රට හැදෙනවා. ඔය පක්ෂ 02 වටේ සිටින්නේ හොරුන්, මංකොල්ල කාරයින් සහ ජාතිවාදීන්..
ජාතික රජයක් පිහිටුවිය යුතුයි. රාජපක්ෂලා ගෙදර යැවිය යුතුයි දැන්..
මෙවැනි සමාජ අසාධාරණය මහා විනාශයක මුහුණුවරකින් මතුවිය හැකියි. එවැනි විප්ලවයක් එන්නට ඉඩ දී ලාබ ලබන්න අය ඉන්නවද? නැතිනම් ඒ මොහොතේ විදේශ බලවේග අත පොවයිද යනු අවිනිශ්චිතයි. එකිනෙකා නොදන්නා වුවද තැනතැන දුක් විඳින්නේ අපේම මිනිසුන් කියලා ඔය ඡන්දෙ කාලෙට ළමයි හුරතල් කරන කාටත් නොවැටහෙන හැටි අරුමයකි....
ඔවුන්ට හෙන හතම ගහන්න ඕනෑ...
එක ඇත්ත... ලොකු පුටුවල වාඩි වෙලා පඩි ගන්නවා විතරයි...මේ රටේ සංවර්ධනයක් දකින්න බැරි රාජ්‍ය සේවයේ ඇති දුරුවලතා නිසා...
නන්දසේනගේ නියෝග නන්දසේන දන්නෙත් නෑ. ලෝකෙන් අසාර්ථකම පාලකයා...
මේ කියන ආයතන ප්‍රධානීන්ට රජය බය නැතිනම්, වහාම ඔවුන් ඉවත්කර සුදුසුකම් සහිත පුද්ගලයින් ප්‍රමිතිගත වැටුප් ක්‍රමයක් යටතේ (නිෂ්පාදනය, ලාභදායකත්වය මත) ලක්ෂ 04කට අඩු වැටුප් තලයන් මත සේවයට අනුයුක්ත කිරීම, අනුර කුමාරලාට රජය බාර දෙනවාද කියා ජනතාව තීරණය කරනවාට වඩා හොඳද..... නැද්ද?
දුප්පත් ජනතාවගේ මුදල් සූරාකන මෙවන් අය මොන අපායක යන්නද? දුප්පත් මිනිස්සු බඩගින්නේ ඉන්න රටක අරුමය නේද මේ?
මෙම සංස්ථා හා මණ්ඩලවල වැටුප් හෝ දීමනා ගෙවීමේ ක්‍රමය විදිමත් කළ යුතුයි. ඒ අනුව ඉහළ ආදායමක් ලබන විට ඉහළ වැටුපක් ගෙවීමටත් පාඩු සිදුවන විට සිදුවන පාඩුවේ අනුපාතයට වැටුප් හෝ දීමනා අඩුකිරීමටත් ක්‍රමයක් ඇතිකළ යුතුයි. මෙය එම ආයතනවල සියළු කාර්ය මණ්ඩල වෙනුවෙන් සිදුකළහොත් මෙවැනි දේ සිදු නොවේවි. ඒ අතරම මේවායේ කාර්ය මණ්ඩලවල වැටුප් ලබමින් දේශපාළුවන්ගේ බැලමෙහෙකම් කරන පිරිස්ද වහාම ඉවත්කිරීම කළයුතුයි...
මේ පාඩු ලබන ආයතන සියල්ල වහලා දාලා කවර කළා නම් ඉවරයි. මේ වගේ බහිරවයෝ ඉන්නවා... කාටවත් හදන්න දෙන්නේ නෑ... අකාර්යක්ෂම පරිපාලන විෂයය පිළිබඳ අනවබෝධය, දේශපාලන පත්වීම් වලදි නුසුදුස්සන් පත්වීම, දේශපාලනික වෘත්තීය සමිති ආයතනික ව්‍යුහයේ වැරැදි ආදී මෙකී නොකී හේතු නිසයි මෙහෙම වෙන්නේ... මේවා වහලා දැම්මා නම් බන්ධනාගායත් නිදහස්, ජනතාවත් නිදහස්...