(යොහාන් භාසුර)
පොල් වගාවට අවශ්‍යම පොහොර වර්ගයක් වන ‘පොටෑසියම්’ ආනයනයට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අවසර දුන්නේ යැයි පොල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.
පොපොල් වගාවේදී ‘පොටෑසියම්’ යොදා ගැනීම නොහැකි වීම ප්‍රධාන ප්‍රශ්නයක්ව තිබූ බවත් ‘මියුරේට් ඔෆ් පොටෑෂ්’ ආකාරයට ‘පොටෑසියම්’ ආනයනය කිරීමට අවසර ලැබුණු බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
යූරියා පොහොර සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවත් නයිට්‍රජන් සපයා ගැනීමට පොල් ගසේ අමතර කොටස්, ගොම පොහොර, කුකුල් පොහොර සහ ගිනිසීරියා යොදා ගැනීමට සැළසුම් කර ඇති බවත් අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොටෑසියම් අවුලක් නැද්ද ශරීරයට?
100% කාබනික කෑල්ල ටික ටික හැලීගෙන යන්න වගෙයි. ඔය ගේන පොටෑසියම් වලින් ටිකක් වී වගාවටත් දා ගත්තොත් නරකයිද සර්?
මටනම්100%ක් විශ්වාසයි.. ඕනෑනම් අපේ සර්ට කාබනික, පොටෑසියම් වුණත් හදන්න පුළුවන්... 69 ලක්ෂයේ ආශ්චර්යය සර්...
ඩොලර් නැතිකම ජනතාවගෙන් වහගන්න දරන වෙහෙසක තරම..!!!
ටික කලක් ගිහින් හරි තේරුම් ගත්ත එක ලොකු දෙයක්...
පොටෑසියම් ලෝහය වශයෙන් ද ආනයනය කරන්නේ? එහෙම නම් භූමිතෙල්වල දාල වෙන්න ඕනෑ. පොටෑසියම් ඉතාම ප්‍රතික්‍රියාශීලි මූලද්‍රව්‍යයක් නිසා ඔය ගෙන්වන පොටෑසියම් සංයෝග වල බැර ලෝහ තියෙන්න බැරිද? එතකොට ඒවට කමක් නැද්ද? NPK වලින් එකක් හරි, පොස්පරස් පොස්පේට් විදියට එප්පාවලින්, නයිට්‍රජන් යූරියා විදියට වැඩ ගොඩයි.
දැන් පොල්වගාවට විතරක්, ඊළඟට වී වගාවට විතරක්... අන්තිමට සර් ඒකෙනුත් ෆේල්...
දහයියා අලු, දර අලු සුපිරියි... පෝරම් වල ඇති තරම් තියෙනවා.