ඇමෙරිකානු ජාතික ගගන විද්‍යාව සහ අභ්‍යවකාශ පරිපාලන අධිකාරිය හෙවත් ‘නාසා’ ආයතනය පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන විශේෂ අනාවරණයක් කළේය.
‘නාසා’ ආයතනය මෙම අනාවරණය කළේ පසුගිය දා මෙක්සිකෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පිටසක්වළ ජීවීන් යැයි සැක කෙරෙන සිරුරු සම්බන්ධයෙන් ලොව පුරා කතාබහක් නිර්මාණය වී ඇති මොහොතකය.
ඇමෙරිකාවේ නාසා ආයතනය දශක ගණනාවක් තිස්සේ, පියාඹන පීරිසි සම්බන්ධයෙන් දත්ත රැස් කරයි. ඇමෙරිකන් ගුවන් හමුදා බුද්ධි අංශයේ සහාය ද ඒ සඳහා ලබා ගනී.
නාසා ආයතනය ‘පියාඹන පීරිසි’ හඳුන්වන්නේ ‘හඳුනා නොගත් ආකාශ වස්තූන්’ යන නාමයෙනි. මෙම ‘වස්තූන්’, පැහැදිලි කළ නොහැකි අද්භූත සංසිද්ධියක් බව නාසා විද්‍යාඥයන් පිළිගෙන තිබේ.
නාසා ආයතනය, නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වන්නේ ‘හඳුනා නොගත් එම ආකාශ වස්තූන්’, පිටසක්වළ ජීවීන්ගේ පියාඹන පීරිසි යැයි කීමට හෝ එසේ නොවේ යැයි කීමට හෝ හැකියාවක් නැති බවය. ඊට අමතරව, මෙක්සිකෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අසාමාන්‍ය සිරුරු සම්බන්ධයෙන් නාසා ආයතනය කිසිවක් පවසා නැත.
‘පිටසක්වළ ජීවීන් සැබෑවක් යැයි කීමට හෝ පිටසක්වළ ජීවීන් බොරුවක් යැයි කීමට හෝ හැකියාවක් නැහැ. හඳුනා නොගත් ආකාශ වස්තූන් විශ්වයේ ඈත සිට පැමිණෙන පිටසක්වළ ජීවීන්ගේ අභ්‍යවකාශ යානා යැයි කීමට ප්‍රබල විද්‍යාත්මක සාක්ෂි මෙතෙක් හමුවී නැහැ. මේ දේවල් සම්බන්ධයෙන් දිගටම විමර්ශන කළ යුතුයි’ යැයි පිටසක්වළ පජීවීන් සිටිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් නාසා විද්‍යාඥයන් ඔවුන්ගේ පිටු 36 කින් සමන්විත වාර්තාව අවසන් කරමින් පැහැදිලි කර තිබේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පිටසක්වළ ජීවීන් ගැන නාසා වාර්තාව එළියට
චිචී Friday, 15 September 2023 02:00 PM
ඕක කියන්න නම් පිටු 36 ක වාර්තාවක් ඕනේද. ඕක කියන්න නාසා එකම ඕනේද. ඕක කව්රුත් දන්න එකක්.