IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පැටල් මාරු වී සැප රිය ඉන්ධනහලට කඩා වදී

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත කුලරත්න)

සුඛෝපභෝගී ජීප් රථයක් මාදිවෙල ඉන්ධනහලට කඩා වැදීමෙන් පොම්පකරු බරපතළ තුවාල ලබා ඇති අතර ඉන්ධන ලබාගැනීමට ආ ත්‍රී රෝද රථයකට සහ යතුරු පැදි දෙකකට, ඉන්ධනහලේ පොම්පයකට හානි සිදු වී ඇතැයි මිරිහාන පොලිසිය කියයි.

තුවාල ලද පොම්පකරු කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

තලවතුගොඩ මාර්ගයෙන් මාදිවෙල ඉන්ධන පිරවුම්හල වෙත පැමිණීමේදී ඔහුට වාහනයේ තිරිංග වෙනුවට ඇක්සලේටරය පෑගී ඉන්ධන හල වෙත එකවරම කඩා වැදී ඉන්ධන පොම්පයේ ගැටී ඒ අසල සිටි පොම්පකරුත් යටකරගෙන තීරෝද රථයක සහ යතුරුපැදි දෙක ගැටි අනතුරුව ඉන්ධනහලේ කාර්යාලය වෙත කඩා වැදී නතර වී තිබූ බව පොලිසිය කියයි.

අනතුරින් සුඛෝපභෝගී ජීප් රථයට ත්‍රීරෝද රථයට යතුරුපැදි දෙකට ඉන්ධනහලට සහ පොම්පයට බරපතල අලාභ සිදු වී ඇත.

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

(ශාන්ත කුලරත්න)



අදහස් (2)

පැටල් මාරු වී සැප රිය ඉන්ධනහලට කඩා වදී

ඉන්‍ෂු-RUNs Thursday, 01 September 2022 08:31 PM

මූණ බලලා ඩ්‍රයිවින් ලයිසන් එක ලබා ගත්තු කෙනෙක්ද? නැතිනම් 'වට්ස්-ඇප්' චැට් දාගෙන ඒ වෙලාවේ ඩ්‍රයිව් කරපු කෙනෙක් වගේ..!

:       2       19

Kalyaani Friday, 02 September 2022 05:10 AM

එයා රියදුරු බලපත්‍රය ගන්න ඇත්තේ රියදුරු ලිඛිත පරීක්ෂණය සඳහා පිළිතුරු කමිස වාටියේ ලියාගෙන ඒවා පිළිතුරු පත්‍රයේ කොපි කිරීමෙන් කියලා හිතෙනවා...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 232 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site