
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාලඹේ අමර ගොඩ පාර හෝකන්දර නිවසක බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස නිවසක ගබඩා කර තිබූ පෙට්‍රල් ඉන්ධන ලීටර් 100 ක් සමග 20 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව මාලබේ පොලිසිය කියයි
මෙම සැකකරු විසින් ත්‍රීරෝද රථයක් යොදා ගෙන පැට්‍රල් තොග රැස්කර විවිධ පුද්ගලයන් වෙත පෙට්‍රල් ලීටරයක් රුපියල් 2500ක් වැනි අධික මිලකට විකුණන බවට ලද තොරතුරු අනුව වැටලීම කළ බව පොලීසිය කියයි
ඒ ආකාරයෙන් ඉකුත් මාස කිහිපය තුළ සැකකරු මෙම ජාවාරම ජයටම සිදුකර ඇතැයි පොලිසිය කියයි
ලද තොරතුරු ඔස්සේ සිදුකළ වැටලීමේදී පෙට්‍රල් තොගය හා සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය සඳහන් කරයි
සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
මාලඹේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් රත්නායක , මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd