(සිතුම් චතුරංග)
යාපනය, චුන්නාගම්, තාවඩි ප්‍රදේශයේ නිවසකට ඇතුළුවී පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර පුද්ගලයින් පස් දෙනෙකු තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් තරුණයින් තිදෙනකු සැකපිට අත්අඩංගුවටගත් බව චුන්නාගම් පොලිසිය කියයි.
පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය හේතුවෙන් නිවසතුල සිටි මව, පියා, පුත්‍රයා සහ දියණියන් දෙදෙනෙකු පිළිස්සුම් තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.
මුහුණු ආවරණයකරගෙන පැමිණි පිරිසක් විසින් නිවසට පහරදී අලාභහානි සිදුකොට මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ලකොට ඇති බවත් නිවසතුල සිටි පස්දෙනකු ඉන් තුවාල ලබා රෝහලට ඇතුළත් කොට ඇතැයි පොලිසිය පැවසීය.
යතුරු පැදි කිහිපයකින් පැමිණ නිවසේ ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළුවූ පිරිස නිවස අසල නවතා තිබූ ත්‍රීරෝද රථයට පහරදී අලාභ හානි සිදුකොට ඇති අතර පසුව නිවැසියන්ගේ ශබ්දය හේතුවෙන් නිවසට පහරදී මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ලකොට ඇති බවත් පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන් 5ක් රෝහලේ:3 ක් සැකපිට