IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පෙට්‍රල් - ඩීසල් මිල රුපියල් 2කින් පහළට

(හර්ෂණ තුෂාර සිල්වා)

පෙට්‍රල් සහ ඩීසල් මිල අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් දෙකකින් අඩු කර තිබේ. 

ඒ අනුව රුපියල් 125 ව පැවැති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 123ක් දක්වාත්, රුපියල් 149 ක් තිබූ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 147ක් දක්වාත් අඩු වී ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඊට අමතරව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 101 සිට රුපියල් 99ක් රුපියල් දෙකකින් අඩු වන බව එම අමාත්‍යාංශය කියයි. 

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 121 සිට 118ක් දක්වා රුපියල් තුනකින් අඩු කිරීමට ද රජය තීරණය කර ඇත.  

ඉන්ධන මිල සූත්‍රයට අනුව පෙට්‍රල් හා ඩීසල් මිල සංශෝධන සිදු කෙරුණු බව ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කරයි. 

ඉන්ධන වර්ගය

පවත්නා මිල ලීටරයක් රු.

සංශෝධිත මිල ලීටරයක් රු.

ලීටරයක අඩු වූ මිල රු.

ඔක්ටේන් 92 පෙට්‍රල්

125/=

123/=

2/=

ඔක්ටේන් 95 පෙට්‍රල්

149/=

147/=

2/=

ඔටෝ ඩීසල්

101/=

99/=

2/=

සුපිරි ඩීසල්

121/=

118/=

3/=



අදහස් (3)

පෙට්‍රල් - ඩීසල් මිල රුපියල් 2කින් පහළට

Sira Thursday, 10 January 2019 04:44 PM

පෙට්‍රල් සහ ඩීසල් මිල අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඇමෙරිකානු ඩොලර් සත එකකින් අඩු කර ඇති බව සතුටින් දැනුම් දෙමි.

:       5       0

asanka Thursday, 10 January 2019 07:01 PM

මිනිස්සු මෝඩයින් කියලා හිතන්න එපා.. ඔයගොල්ලෝ හැරෙනකොට අපි දන්නවා ඉදිරියේ තිබෙන ඔබලාගේ පරමාර්ථය මොකක්ද කියලා... ඉදිරියේදී මහජනතාව ඔයගොල්ලන්ට නියම උත්තරය දෙයි.

:       110       2

Sanka Friday, 11 January 2019 01:44 AM

දැන්නම් මිලසූත්‍රය විද්‍යාත්මක බව තේරෙනවා. මේ වගේ අනිත් දේවල්වලිනුත් මහජනතාවට තවත් සහන දුන්නොත් ගොඩක් හොඳයි.

:       1       124

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 783 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site