IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


පිටරටින් පොල් ගෙඩි කෝටි 20 ක් ගෙන්වයි

(යොහාන් භාසුර)

රට තුළ පවතින පොල් හිඟයට පිළියමක් ලෙස පොල් ගෙඩි මිලියන 200 ක් හෙවත් පොල් ගෙඩි කෝටි 20 කට සමාන පොල් කිරි, පිටි සහ සීතකළ පොල් මද ලෙස ආනයන කිරීමට තීරණය කළ බවත් එම පොල් ප්‍රති අපනයනය සඳහා පමණක් ආනයන කරන බවත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පැවසීය.

මෙරට කර්මාන්ත සඳහා වර්තමානයේ පවතින පොල් අස්වැන්න අප්‍රේල් මස දක්වා ප්‍රමාණවත් නොවීම නිසා කර්මාන්ත රැකගැනීමට මෙම තීරණය ගත් බවත් දේශීය පොල් තෙල් කර්මාන්ත සඳහා කොප්පරා නොවන වියලි හෝ කැබලි කළ පොල් කැබලි ආනයනය කිරීමට ද කටයුතු කරමින් සිටින බවත් එම අමාත්‍යංශය සඳහන් කළේය.  

දේශීය පරිභෝජනය සඳහා වන පොල් තෙල් කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය බදු සහන යටතේ ආනයන සඳහා අවසර ගැනීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බවත් එය කැබිනට් අනුමැතිය සඳහා යොමු කරන බවත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කළේය. 

 



අදහස් (9)

පිටරටින් පොල් ගෙඩි කෝටි 20 ක් ගෙන්වයි

Nandalal DE SILVA - France Thursday, 30 January 2025 09:47 PM

මාලිමාව රජය යටතේ හාල් කිලෝව, ලුනු පොල් කට්ට පිටරටින් ගෙනාවා. දැන් පොල් බෑයත් එනවලු. ඊට පස්සේ මොනාද ආනයනය කරන්න වෙන්නේ? මහ භාණ්ඩාගාරය ඕවට ප්‍රතිපාදන වෙන් කරන තරම් ශක්තිමත් ද?

:       40       79

UdugampolaFriday, 31 January 2025 08:17 AM

ඊළඟට ගේන්නේ පුන්නක්කු. මාලිමා රජයේ රෙදි අපුල්ලන අයට දෙන්න. ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඩොලර් මිලියන 360ක් ඉවරයි... ගිය මාසෙට විතරක්. හිතා ගන්න පුළුවන්නේ... කෙරුවාවේ තරම. තව වාහන ගේන්න ගත්තාම හොඳටම කරලා තියෙයි.

:       7       10

Amith Thursday, 30 January 2025 11:13 PM

ඔය කටින්ම කරන්නේ නැහැ කිව්ව ඔක්කොම දේවල් සියල්ලම කළා. කටින් නම් නොවේ කතා කරන්නේ... වෙන කොහෙන් හරි.

:       5       8

වන්නකු Friday, 31 January 2025 06:52 AM

කන්න නැත්නම් මොකද කරන්නේ නන්දලාල් මහත්තයා ජනතාව ගැන සිතා ගත් තීරණයක්. පාට කණ්නාඩිය ගලවා බලන්න...

:       6       7

සෙනෙවිරත්න Friday, 31 January 2025 07:43 AM

නන්දලාල්, දැන් වාහනත් ගෙන්වනවා, ඔය පහුගිය කාලේ රටේ පොල් වගාව විනාශ කරනකොට, අඩු සැලකිල්ලක් දක්වනකොට ඔය නුවණ පහළ වුනේ නැද්ද? පොල් අපනයනය තමයි හිඟයට හේතුව, කර්මාන්ත සඳහා අවශ්‍ය පොල් මද ගෙන්වීමෙන් අගය එකතුකර අපනයනයෙන් ඩොලර් වැඩිපුර ලැබෙනවා. මෙහෙ ගෙඩි පොල් හිඟය අඩුවෙනවා.. එතකොට තමන්ගේ වත්තේ පොල් ගහට සාත්තු නොකර පොල් නැහැ කියලා වැලපෙන පරාජිතයින්ට ලාබෙට පොල් කතහැකියි.

:       8       3

Lalla Friday, 31 January 2025 10:50 AM

අනිවාර්යයෙන්ම පොල් වගාව කඩාවැටීමට හේතුවන ක්‍රියාවක්. දැනට පවතින තත්ත්වය අනුව පොල් ගෙඩිය රුපියල් සීයකටවත් ඉඩම්වලින් ගන්න ඕනෑ. හැමෝටම වැටුප් වැඩිවීම මත සියලු පාරිභෝගික ද්‍රව්‍ය මිල ඉහළ යනවා. ගොවීන්ට අවශ්‍යතා මිලට ගන්න ආදායම වැඩිවීම මදි. අනික වැඩි ඵලදාව සහිත පොල් වර්ග අභිජනනය කරන්න පොල් පර්යේෂණ ආයතනය අසමත්. සුදු අලියෙක් පමණයි.

:       0       8

Sara Friday, 31 January 2025 11:26 AM

පාරවල් වල කෑගගහ, හිඟා කකා හිටපු අයට රට කරන්න දුන්නාම ඔහොම තමයි.

:       12       10

Haren Saturday, 01 February 2025 04:06 PM

වන්නකු පුන්නක්කුද කන්නේ...?

:       1       0

Asanga Sunday, 02 February 2025 10:26 AM

කලින් මේ වගෙ දෙයක් උනාම ලන්කාවේ ජනාධිපති කෙනෙක් ඕනද කියලා අව්වා මේ පචයා

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 870 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2506 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site