යුක්රේනයේ නිදහස වෙනුවෙන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ ද්වන්ධ සටනකට තමන් සූදානම් යැයි ඇමෙරිකන් බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක් පවසයි.
ඇමෙරිකන් බිලියනපතියා මෙසේ පවසා ඇත්තේ සටනට එන්නැයි රුසියන් ජනාධිපති පුටින්ට ප්‍රසිද්ධියේ අභියෝග කරමිණි.
ඉලොන් මස්ක් මෙම අභියෝගය කර ඇත්තේ සිය ට්විටර් ගිණුම ඔස්සේය. උපතින් දකුණු අප්‍රිකානුවකු වන 50 හැවිරිදි මස්ක් ඇමෙරිකන් පුරවැසියකු වන අතර ඔහු අද ලොව ධනවත්ම පුද්ගලයා ද වෙයි. ඉලොන් මස්ක්ගේ වත්කම ඩොලර් බිලියන 221 කි.
‘යුක්රේන යුද්ධය ඉක්මනින් අවසන් කිරීමට, යුක්රේනයේ නිදහස වෙනුවෙන් මා පුටින් සමඟ මුහුණට මුහුණ සටන් කරන්න සූදානම්. මා පුටින් පැරුදුවොත් පුටින්ට සිදුවේවි සිය හමුදා යුක්රේනයෙන් ඉවත් කර ගන්න’ යැයි ඉලොන් මස්ක්ගේ ට්විටර් පණිවුඩයේ සඳහන් වෙයි.
69 හැවිරිදි පුටින්, හිටපු කේ.ජී.බී. බුද්ධි අංශ නිලධාරියෙකි. ඊට අමතරව පුටින් ලොව ශක්තිමත් නායකයකු ලෙස ද සැලකෙයි. පුටින් ජූඩෝ කළු පටි ශූරයකු වන නමුත් රුසියන් යුක්රේන අර්බුදය හේතුවෙන්, ජාත්‍යන්තර ජූඩෝ සම්මේලනය පුටින්ගේ කළු පටිය ඉවත් කර තිබේ.
(ඩේලිමේල්)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
පුටින් සමඟ ෆේස් ටු ෆේස් සටනක්
චන්දන Tuesday, 15 March 2022 05:29 PM
කලු පටියක් අයින් කළාම ගහගන්න බැරිද . පුහු වැඩ.