IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


පුටින් පිස්සෙක් - ට්‍රම්ප් කියයි

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ‘උම්මත්තකයකු’ යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් චෝදනා කරයි.

ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් මෙසේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට චෝදනා කළේ පසුගිය සති අන්තයේ, පුටින්ගේ අණ පරිදි රුසියන් හමුදාව යුක්රේනයට එල්ල කළ ගුවන් ප්‍රහාරය හේතුවෙනි.

එම ගුවන් ප්‍රහාරය, රුසියාව යුක්රේනයට එල්ල කළ දරුණුතම ගුවන් ප්‍රහාරය යැයි ද පැවැසෙයි. එයින් සිවිල් වැසියෝ 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්, රුසියන් ජනාධිපති පුටින් ‘උම්මත්තකයකු’ යැයි චෝදනා නගා ඇත්තේ ට්‍රම්ප්ගේ ‘ටෲත් සෝෂල්’ සාමාජ මාධ්‍ය ගිණුම ඔස්සෛ්ය.

ට්‍රම්ප් මේ අයුරින්, රුසියන් ජනාධිපතිවරයා විවේචනය කරමින් දොස් නැගූ පළමු අවස්ථාව මෙය යැයි ද පැවසෙයි.

‘මා රුසියන් ජනාධිපති පුටින් සමඟ යහපත් සබඳතා පවත්වනවා. ඒත් මට හිතෙන්නේ ඔහුට මොකක් හෝ දෙයක් සිද්ධ වෙලා. ඔහු ඉන්නේ උමතුවෙන් වියරු වැටිලා.’ යැයි ජනපති ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ සටහනේ අන්තර්ගත වෙයි.

රුසියන් හමුදාව යුක්රේනයට ඩ්‍රෝන යානා 298 ක් සහ මිසයිල 69 ක් යොදා ගනිමින් පහර දුන්නේය. 
යුක්රේන හමුදාව එම ගුවන් ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කළ අතර, රුසියාවේ ඩ්‍රෝන යානා 266 ක් සහ මිසයිල 45 ක් විනාශ කර දැමීමට සමත් විය. 

යුක්රේන හමුදාව ශක්තිමත් වී ඇත්තේ ඇමෙරිකාව සහ බටහිර රටවලින් ලැබුණු අවි ආයුධවලිනි.

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සිටී. ට්‍රම්ප්, රුසියන් ජනාධිපති පුටින් සමඟ ද රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට අදාළව සාකච්ඡා පවත්වා ඇත. තමන් සටන් විරාමයකට යෑමටත් සාම සැලැස්මකට යෑමටත් කැමැති බව පුටින්, ඇමෙරිකන් ජනාධිපතිවරයාට අවධාරණය කර ඇත.

රුසියන් හමුදාව මෙසේ යුක්රේනයට පහර දුන්නේ, රුසියාවත් යුක්රේනයත් අතරේ යුද සිරකරුවන් දහසක පිරිසක් හුවමාරු වන අතරතුරේදීය. සිරකරුවන් හුවමාරු කර ගැනීමට රුසියාවත් යුක්රේනයත් අතරේ එකඟත්වයක් ඇති කර ගැණුනේ තුර්කියේ පැවැති සාකච්ඡාවලින් අනතුරුවය.



අදහස් (0)

පුටින් පිස්සෙක් - ට්‍රම්ප් කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 651 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2326 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site