(ජවුෆර් ඛාන් සහ වසන්ත චන්ද්‍රපාල)

මඩකලපුවේ වහනේරි හි නිවෙසකදී  උදෑසන ආහාරයට පිට්ටු ඉල්ලපු සැමියාට බිරිය පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.

වාහනේරි විෂ්ණු කෝවිල් පාරේ පදිංචි 46 හැවිරිදි දරුවන් 4 දෙනකුගේ පියකු මෙසේ ඝාතනයට ලක්ව ඇත.

මියගිය පුද්ගලයා සුපුරුදු පරිදි කෘෂිකාර්මික කටයුතු සඳහා නිවසින් පිටත්ව ගොස් අද උදෑසන නිවසට පැමිණ තිබේ. එසේ පැමිණි ඔහු  උදෑසන ආහාරයට පිට්ටු සකස් කරන ලෙස ඔහු ඉල්ලා ඇත.

එම අවස්ථාවේ සැමියා සහ බිරිඳ අතර බහින්බස්වීමක් අතර තුර මෙම අපරාධය සිදුව ඇතැයි කියයි.

කාන්තාව වාලච්චේන පොලිස් ස්ථානයට පිහියක් ද රැගෙන විත් භාර වූ අතර, තම සැමියා ඝාතනය කළ බවට පාපොච්චාරණය කිරීම, කිරිමෙන් පසු නොසන්සුන් තත්වයක් ඇතිවු බව පොලිසිය සඳහන් කරයි.