IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පිටිකිරි පැකට්ටුවක් ගන්න විඳින දුකක්

තම නිවෙසට අවශ්‍ය කිරි පැකට්ටුවක් ලබා ගැනීම සඳහා රාගම නගරයේ කිරිපිටි වෙළෙඳහලක් අසල පැවැති දිගු පොලිමක්  ලංකාදීප කැමරාවේ සටහන් වුයේ මේ අයුරිණි

දිවයින පුරා පවතින දැඩි කිරිපිටි හිඟය නිසා බොහෝ පිරිස් කිරිපිටි සොයා දුර බැහැර ඇති වෙළෙඳහල්වලට යති.

රාගම නගරයේ ඇති මෙම වෙළෙඳහලේ කිරිපිටි ඇති බවට පැතිර ගිය ආරංචියත් සමග විශාල පිරිසක් කිරිපිටි පැකට්ටුවක් මිලදී ගැනීමට පොලිසිමේ සිටින අයුරැ ඡායාරෑපයේ දැක්වේ.

(විමුකිති එස් රුද්‍රිගු)

 



අදහස් (23)

පිටිකිරි පැකට්ටුවක් ගන්න විඳින දුකක්

ප්‍රියන්ත Monday, 04 October 2021 01:01 PM

මම හිතන්නේ කිරිපිටි ගන්න නෙමේ... සෞභාග්‍යයේ දැක්ම බලන්න ඔය කට්ටිය හිටගෙන ඉන්නේ...

:       3       67

SunilMonday, 04 October 2021 01:51 PM

ඔව් තව නොබෝ දිනකින් සෞභාග්‍යයේ දැක්ම ඔයාටත් හොඳින් පෙනෙයි

:       2       28

siripala Tuesday, 05 October 2021 04:05 AM

සජිත් ජනාධිපති වෙලා සිටියානම් මෙවැනි පෝලිම් යුගයක් නිර්මාණය නොවේද

:       0       1

sisilMonday, 04 October 2021 04:37 PM

70 - 77 යුගයෙ පොලිම්වල සිටි අය නැවත පෝලිමට එක්වෙලා. එදා පෝලිම්වල සිටි අය නැවත පෝලිම්වලට පැමිණීමට කිසිදාක සිතන්නට නැතුව ඇති

:       1       29

සිරිබිරිස්Monday, 04 October 2021 05:26 PM

1970-1977 අතර කාලයේ පෝලිම් වල සිටි අපි වත්මන් පරපුරට ඒ ගැන කිව්වම එහෙමත් කාලයක් තිබුනද ඇහුවා මේ පෝලිම් වල ඉන්නෙ එහෙම අහපු අය කියලයි මම හිතුවෙ. විහාර මහා දේවිය මුහුදට පා කලේ මුහුද ගොඩ ගැලූ නිසා එවැනි දේ නැහැ කියපු අයට 2004.12.26 එය අත්දැකීම් ලැබුනා වගේ දෙයක් මේ වෙලා තියෙන්නෙ

:       1       22

gamage Monday, 04 October 2021 01:39 PM

වෙනස සැපයිද? ළඟදී අල, ළූණු කෑවද?

:       2       52

damith Monday, 04 October 2021 02:14 PM

හඹා ගොස් වස බීමේ ආසාව. කොච්චර දැනුවත් වීම් කරත් දන්නේ නෑ.. වගේ ළමයින්ට මේවා පොවනවනේ...

:       36       20

AsankaTuesday, 05 October 2021 08:31 AM

අනේ ඔයා කියන විදියේ වැඩක් නැහැ කිරි වල. උදේ පාන්දර ශරීරෙට අවශ්‍ය ප්‍රෝටීන් ටික ළමයින්ට විතරක් නෙවෙයි වැඩි මහලු යටත් දෙන්නේ මොක බීලද? කොළකැඳ ළමයි බොන්නේ නැහැ හැමදාම

:       0       1

Akila Monday, 04 October 2021 02:15 PM

69 ලක්ෂයේ අය නම් දැන් කිරිපිටි නවත්තලා කොළ කැඳලු බොන්නේ... එක හින්දා ඒ ගොල්ලෝ නම් මෙතන නැහැ..

:       3       43

GamunuTuesday, 05 October 2021 02:17 AM

අකිල, 69 ලක්ෂයට චෝදනා කිරීමෙන් පලක් නොමැත.

:       0       0

RamaTuesday, 05 October 2021 03:47 AM

අකිල ඔය කතාව කිව්වේ 69 ලක්ෂයට අපහාසයට වුණාට හොඳ අදහසක්. පිට රටින් කිරි පිටි ආවේ අවුරුදු සීයකට අඩු කාලයක් තුළ. එතකම් අපි බිව්වේ මොනවාද. කොළ කැඳ සහ අලුත් දියර කිරි නේද. දැනුත් ඔය දෙකම තිබෙනවා නමුත් අපේ වැඩිහිටියන් තාමත් පිටි කිරි ඉල්ලලා අඬනවා දරුවන්ටත් පරම්පරාවෙන් ඒ පුරුද්දම දෙන ගමන්. හේතුව කියන්නේ පිටි කිරි වල රස වෙනස් සහ උකුයි කියලා. ඒ වෙනස එන්න පිටි කිරිවලට මොනවාද එකතු කරනවා ඇත්තේ?

:       0       0

DhammikaTuesday, 05 October 2021 08:32 AM

ඔය අය කොළකැඳ බිලා තණකොළ කන අය

:       0       1

Raveendra Monday, 04 October 2021 02:32 PM

ඔය පෝලිම් ඉස්සරත් තිබුණා... ඒ නිසා අමුතු දෙයක් නොවේ... මේ රජය තමයි හොඳටම කලේ...

:       14       24

sam Monday, 04 October 2021 02:51 PM

මේ දර්ශනය දැක්කහම 70 දශකය මතක් වෙනවා, මෙන්න බලන්න සෞභාග්‍යයේ දැක්ම

:       2       42

fairoos Monday, 04 October 2021 03:20 PM

ඉස්සරහට මොනවයින් මොනවා වෙයිද දන්නේ නැහැ

:       2       32

ගමේ එකාලා Monday, 04 October 2021 04:27 PM

69 ලක්ෂෙට දැන් දෙවියන්ගේම පිහිටයි. මදෑ කොළා?

:       1       31

Kumara Monday, 04 October 2021 04:48 PM

අල ලාභද? ලූණු ලඟදි කැවද

:       1       32

69lakshaya Tuesday, 05 October 2021 01:03 AM

දියසෙන් කුමාරයාට ඡන්දේ දුන්නේ රට ගොඩ ගන්න තියෙන අන්තිම අවස්ථාව නිසානේ.

:       0       2

Perera Tuesday, 05 October 2021 01:41 AM

පෝලිමේ ගිහින් ඔය වගේනේ ඡන්දෙ දුන්නේ

:       0       1

පප්ප Tuesday, 05 October 2021 05:18 AM

දැන් සැපද කියල අහපු අයත් ඉතාලි ගිහිල්ල ඇවිල්ල වගේ වගක් නැතිව ඉන්නවා.

:       0       1

තාරක Tuesday, 05 October 2021 06:06 AM

පිට දීප දේශ ජයගත්තා ගීතය: පෝලිම්වල ඉඳගෙන කන්ට අඳින්ටා පිට රටින් එනතුරු මුහුදට දත නියවන්නා.. ආදී සිංහලුන්… පිට දීප දේශ ජය ගත්තා…

:       1       2

Rohana Tuesday, 05 October 2021 07:54 AM

කිරිපිටි කීයද කිරිපිටි හිඟද පෝලිමේ ඉන්න වුනාද පැකට් කීයක් දුන්නද වෙනස සැපද

:       0       1

kamal Tuesday, 05 October 2021 07:55 AM

චීනෙට රට උගස් පිට උගස් තබමින් බොරු සෝබන කොන්ක්‍රීට් මාලිගා හදන කොට අපි ගිහින් මනාපේ දුන්න හැටි හිතමින් පෝලිමේ ඉන්නකොට කාලේ යනවා දැනෙන්නේ නැහැ. සුබ අනාගතයක්

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 242 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site