
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
පිටකොටුව සිට මිල්ලෑව දක්වා නව මාර්ග බලපත්‍රයක් ලබාදීමට විරෝධය පළ කරමින් පිටකොටුව කැස්බෑව 120 මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථ අද (25) උදෑසන සිට ධාවනයෙන් ඉවත්ව වර්ජනයක නිරත වී ඇති බව කැස්බෑව පොලිසිය පවසයි.
මේ හේතුවෙන් හොරණ කොළඹ 120 බස් මාර්ගය හරහා උදෑසන රාජකාරී සඳහා යන ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්වූහ.
කැස්බෑව පිටකොටුව මාර්ග බලපත්‍රලාභියකුට උදෑසන 06.10 බස් රථ හිමියා පදිංචි හොරණ මිල්ලෑව සිට කොළඹ දක්වා ධාවනය කිරීමටත් පස්වරු 05.35 ට කොළඹ පිටකොටුව සිට මිල්ලෑව දක්වා ගමන් කිරීමටත් 2025.06.24 දින සිට 2025.07.08 දින දක්වා සති දෙකක කාලයක් සඳහා අත් හදා බැලීමේ පදනම මත අතුරු මාර්ග බලපත්‍රරයක් ලබාදීම මෙම වර්ජනයට හේතුව බව බස් රථ හිමියෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම සිදුවිය යුත්තේ මෙයය. කොටුවේ සිට ගම්වලට නව බස්රථ ධාවනය සදහා අවසර දිය යුතුයි
මාර ලෝකයක්නේ, මොවුන්ට ගිය රට. අත්හදා බලන්නත් බෑ රජයට. කිසිම බුරුලක් දෙන්න නරකයි. මොවුන්ට ලංගම දාලා සතියක් විතර දුවවන්න ඕනේ මොනවාද කරන්නේ බලන්න...
රට හදන්න දන්නේ නැති නරුමයෝ...
ජනගහනය වැඩි වෙද්දී බස් වැඩි කිරීම වරදක්ද?