
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව සියඹලාගස්වැව නායික්කුලම මාර්ගය වැසි දිනවලදි කිසිදු ලෙසකින් ගමන් කිරීමට නොහැකි ලෙස අබලන්ව ඇති බව මාර්ගය භාවිතා කරන සිසුන්, ගුරුවරුන් හා මව්පියෝ පවසති.
ආණමඩුව නායික්කුලම මාර්ගය පුත්තලම කුරුණෑගල ප්‍රධාන මාර්ගයෙ තෝනිගල බූලුගහ හංදියෙන් වමට හැරි පැමිණීමට ඇති මාර්ගයකි.
බුලුගහ හංදියේ සිට ආරම්භ වන නායික්කුලම මාර්ගය සියඹලාගස්වැව ඩි.බි.ජයසුරිය විද්‍යාලයට ගමන් කිරීමට ඇති එකම මාර්ගයද වෙයි.
නායික්කුලම වැවේ වාන් දිය හා වෙල්යායෙන් ගලා එන දැවැන්ත ජල කද හේතුවෙන් බොක්කුව කැඩි ඇති බවත් මේ නිසාම දරුවන්ගේ හා ගුරුවරුන්ගේ ජීවිත අවදානමකට පත්ව ඇති බවද කියයි.
කෙසේ වෙතත් නායික්කුලම මාර්ගය පිළිබදව බළධාරින් දැනුවත් කර ඇති නමුත් තවමත් විසඳුමක් ලැබී නොමැති බවත් ප්‍රදේශවාසීන් පවසති.
අපට පාට පාට පාලම් එපා මඩ ගෑවෙන් නැතිව ඉස්කෝලෙට යන්න බෝක්කුවක් හදා දෙන්න යනුවෙන් දරුවවෝ ඉල්ලා සිටිති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චින්තනය සෞභාග්‍ය වැනි දේවල් කියලා බලය ගන්නා පිරිස් කවදාවත්ම රටේ ප්‍රශ්න දෙස බලා එම සැලසුම් සකසා ඇති බවක් දකින්නට නැහැ .රටේ සමහර ප්‍රදේශවල යන්න එන්න පාරක් නැහැ බොන්න වතුර පොදක් නැහැ ඉන්න හිටින්න ගෙයක් දොරක් නැහැ ගෙයක් හදාගන්න තැනක් නැහැ දරුවන්ට ඉගෙනීමට අන්තර්ජාලය පහසුකම් අඩුයි. එහෙම තියෙද්දි සමහරක් ජනතා නියෝජිතයන් ජොගින් පාක් හදන්න දගලනවා. ඒවාට සමහරක් ආගමික නායකයිනුත් අනුබල දෙනවා ලෝකයට ණයවෙලා ගොඩ බිම් හදලා වාහන රේස් පදිනවා. මෙහෙම ප්‍රශ්න තේරුම් ගතහැකි ජනතා නායකයෙක් මේ රටට පහල වේවා !!!!!
මේ පාරවල් හදනකොට කුට්ටිය මදි නිසා තමයි මෙහෙම පාරවල් ඉතුරුවෙලා තියෙන්නේ.