
(ටී.කේ.ජී.කපිල )
" ඒහිපස්සිකෝ " ලෝක සාමය සදහා ඇවිදින්න නැමති සාම පා ගමන සදහා මෙරටට වැඩම කර සිටි , වියට්නාම් ජාතික පඤ්ඤාකර සහ රතනගුණ ඇතුළු භික්ෂුන් වහන්සේලා ද "ආලෝකා " නැමති සුනඛයා ද , තවත් ගිහි පිරිසක් ද අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ .
මෙම භික්ෂුන් වහන්සේලා පිරිස අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණි අතර ඔවුන් වෙත සංග්‍රහ සත්කාර කිරීමෙන් පසු , ගුවන් තොටුපොළ විවිධ අංශ වල සේවයේ නිරත සේවක - සේවිකාවන් පැමිණ , නමස්කාර කිරීම ද සිදු කළහ .
" ආලෝකා " සුනඛයා වෙනුවෙන් පශු වෛද්‍යවරුන් , ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීවරුන් සහ ගුවන් හමුදා නිලධාරීන් ද විශේෂ අවධානයක් යොමු කර කටයුතු කරමින් සිටියහ .





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd