
(ඉන්දිකා රාමනායක)
කිලිනොච්චිය මිනච්චි අම්මාන් කෝවිලේ පූජාවකට සහභාගි වූ 70 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ල කා ඇතැයි කිළිනොච්චි පොලිසිය පවසයි .
මෙම කාන්තාව ඊයේ කෝවිල් බිමේ පුද පූජා පවත්වමින් සිටියදී පැමිණ ඇති කොල්ලකරුවකු ඇගේ රන් මාලය කඩා ගත් බවට පැමිණිලි ලැබුණු බව පොලිසිය පවසයි.
කොල්ලකරු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.
කිලිනොච්චිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් දෙවියන්ට පුළුවන්නේ හොරා අල්ලලා දෙන්න.