IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


පූජාව අස්සේ කපුවාට ගිනි ඇවිලේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ නිමාලි කහවල)

අගලවත්ත තැන්නහේන මුත්තුමාරි අම්මාන් කෝවිලේ වාර්ෂික වේල් පෙරහැර උත්සවයට සමගාමීව පැවැත්වූ කෝවිල් උත්සවයේදී පූසාරි වරයකුගේ සිරුරට  ගිනි ඇවිලේ මෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි අගලවත්ත පොලිසිය කියයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ ඉංගිරිය ප්‍රදේශයේ කෝවිලක පූසාරි වරයකු ශිව ශී සුන්දරේශන් නැමැති කුරුක්කල් තනතුර දරන 44 හැවිරිදි පුද්ගලයෙකි .

මියගිය පූසාරි වරයා කෝවිල් උත්සවයේ දී පන්දම් පත්තු කර නර්තනයේ යෙදෙමින් සිටියදී අත දරා සිටි පන්දමෙන් එක වරම ඇඳ සිටි සාරිය ට ගිනි ඇවිලි අනතුරුව හිසට දමා සිටි බොරු කොණ්ඩයට ද ඇවිලී මුළු සිරුරම ගිනි ජාලාවකින් වෙලි ඇතැයි පොලිසිය කියයි.

වහා ක්‍රියාත්මක වූ එම ස්ථානයේ සිටි පිරිස ගින්න නිවා දමා ත්‍රි රෝද රථයකින් පිඹුර රෝහලට ඇතුළත් කර මුලික ප්‍රතිකාර ලබාදී කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබිණි.



අදහස් (7)

පූජාව අස්සේ කපුවාට ගිනි ඇවිලේ

pakeer Monday, 05 June 2023 02:00 PM

පවු හරි දුකයි.

:       1       34

roshan Monday, 05 June 2023 02:08 PM

කපුවා ලෙස ආමන්ත්‍රණය කිරිම ආගමික සංහිධියාවට බාධාවක් නෙවෙයිද ? වගකිවයුතු මාද්‍ය ආයතනයක් මිට වඩා වගකීමෙන් කටයුතු කල යුතු නොවෙන්නේද?

:       24       20

ErangaMonday, 05 June 2023 08:47 PM

එහෙම කරන්න වගකීමක් තියෙන අය වෙන්න ඕනෑනේ.. එහෙම දෙයක් මේ අයට නෑ...!

:       21       3

Hira Monday, 05 June 2023 02:35 PM

දැන් දෙවියෝ ඇවිල්ලා පවුලේ අයට හොඳට කන්න, බොන්න, අඳින්න පහසුකම් ටික සපයා දේවි...

:       9       44

නිරෝෂන් Monday, 05 June 2023 02:42 PM

පව් අසරණ ජීවිත...... ඔබතුමාට නිවන්සුව පතමු.

:       2       69

HELAYA Monday, 05 June 2023 05:36 PM

කපුවා කපෝති... දෙවියනේ.. ඔබ කොහිද?

:       4       10

මහිලාල් Monday, 05 June 2023 08:11 PM

කපුවා හොඳටම දන්නවා දෙවියෝ කියලා කෙනෙක් නෑ කියලා...

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 460 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2211 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1662 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site