
(නිමන්ති රණසිංහ)
පාස්කු ඉරිදා ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් සහ වගකීමෙන් බැහැරවීමෙන් සාපරාධී මනුෂ්‍ය ඝාතන සිදුකර ඊට අනුබල දී වරදක් සිදුකළැයි කියන සිද්ධියට අදාළ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් සම්බන්ධව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුව අවසන් කිරීමට කොළඹ වැඩබලන මහේස්ත්‍රාත් සංජය ගමගේ මහතා අද නියම කළේය.
මෙම සැකකරුවන් දෙදෙනාට එරෙහිව නිතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබ ඇති බැවින් මෙම අධිකරණයේ පවතින නඩු කටයුත්ත අවසන් කරන ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් වැඩබලන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd