IMG-LOGO

පුංචි සභා තුනක් තාම කොටඋඩ



(සුජිත් හේවාජුලිගේ )

පළාත් පාලන ආයතන තුනක බලය තවමත් පිහිටුවීමට හැකිවී නැතැයි  රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන  අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.

ආනමඩුව, වනාතවිල්ලුව හා සීතාවක එම පළාත් පාලන ආයතන බවද  ඔහු කීය.

අධිකරණමය කටයුතු සහ වෙනත් විවිධ තීරණ   හේතුවෙන් මෙම සභා පිහිටුවීම මෙසේ කල් ගොස් ඇත.

කෙසේ වෙතත් පළාත් පාලන ආයතන අතුරින් සියයට 99කම බලය මේ වනවිට  පිහිටුවා අවසන් බව පැවසූ අමාත්‍යවරයා එම සභා සියල්ලම සිය කටයුතු ආරම්භ කර සාර්ථක ලෙස කරගෙන යන බවද සඳහන් කළේය.

පළාත් පාලන ආයතන 339 ක්    (මහ නගර සභා 18ක් නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා  275 ක්) සඳහා නියෝජිතයන් අටදාහක් තෝරා ගැනීම සඳහා  පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පසුගිය මැයි මස 6 වැනිදා පැවැත්විණ.

මෙම මැතිවරණය පවත්වා අදට මාස තුනකට ආසන්න කාලයක් ගතවී ඇත.



 

 

 



අදහස් (0)

පුංචි සභා තුනක් තාම කොටඋඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 974 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site