
(නිශාන්ත කුමාර)
කළුගහකඳුර වැවතැන්න ගම්මානයේ පදිංචි අවුරුද්දකුත් මාස හතරක් වයසැති සිඟිත්තකු අද (08) දහවල් නිවස අසල තිබූ වතුර වළකට වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි මඩොල්සිම පොලිසිය පවසයි.
දරු සිඟිත්තාගේ මව, නිවසේ සිටි තවත් කුඩා දරුවකුට දරු සිගිත්තා බලා ගන්නට බාර දී තේ දළු කැඩීමට නිවෙසින් පිටව ගොස් ඇති අතර සිඟිත්තා නිවස අසල තිබූ වතුර වළකට වැටී ඇති බවත් කුඩා දරුවා සිඟිත්තා ගොඩට ගෙන වැඩිහිටියන් හා එක්ව ඔහු රෝබේරිය ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඒ වන විටත් දරුවා ජීවිතක්ෂයට පත්ව තිබූ බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිඟිත්තාගේ මරණය සැක කටයුතු බැවින් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බදුල්ල පළාත් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට පියවර ගත් බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් මඩුල්සිම පොලිසිය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ දරුවගේ තාත්ත. ඕක තමා අපේ කතාව. බෝකිරීම වෘත්තීය කරගත්ත අය. දරුවන්ගේ වටිනාකමක් නෑ මේ දෙමාපියන්ට නෑ.. ජීව විද්‍යාත්මක ක්‍රියාවක අහඹු ඵලයක් පමණයි....තමුන්ට රැකවරණය දෙන්න බැරිනම් දරුවන් හැදීම නවත්තන්න නීති ඕන.