
(එච්.එම්. ධර්මපාල)
දෙහිවල - ගල්කිස්ස මහනගර සභාව ජාතික ජනබල වේගය නාගරීක මන්ත්‍රීණි යාළිනි රාජේන්ද්‍රන් මහත්මියගේ ග්‍රෙගරි පාර පිහිටි නිවසට අද දහවල් 2.30 ට පමණ පැමිණි කුඩ්ඩකු කොල්ලය වැරදී මන්ත්‍රීවරිය ඇතුළු තිදෙනකුට තියුණු පිහිවලින් කපා කොටා නිවැසියන් තිදෙනකු හට තුවාල සිදු කර ඇතැයි දෙහිවල පොලීසිය පැවසීය.
නිවසට මංකොල්ල කෑමට මෙම පුද්ගලයා ඇතුලුවී නිවැසියන් කලබලවීම නිසා මන්ත්‍රීවරියගේ දකුණු අත කපා තුවාල සිදුකර ,එයට මැදිහත්වූ පුතාට ද තියුණු ආයුද ප්‍රහාරයක් එල්ල කර ඇත. සැකකරු අල්ලා ගැනීමට උත්සාහ කරද්දී පිත්තල මල්පෝච්චියකින් පියාගේ ඔලුවට ගසා බරපතල තුවාල සිදුකර ඇත.
ඒ සමග නිවැසියන්ගේ කෑගැසීමට අසල්වාසීන් පැමිණ කුඩ්ඩා අල්ලාල පොලිසිය බාර දී ඇත. තුවාල කරුවන් දකුණු කොළඹ ශීක්ෂණ රෝහල වෙත ඇතුලත් කරනු ලැබ ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.