IMG-LOGO

පුංචි පාර්ලිමේන්තුවේ කාලය 19යෙන් අවසන්

(සුජිත් හේවාජුලිගේ)

සියලුම පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන 19 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00න්  අවසන් වන  හෙයින් එම  ආයතන සභාපතිවරුන් සහ මන්ත්‍රීවරුන්  පාවිච්චි කරන  වාහන ඇතුළු  සියලුම රජයේ  දේපළ  අදාල ආයතනවලට එදිනට පෙර  බාර දෙන්නැයි  දැනුම්දී  ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.

මෙම වාහන වෙනත් නිලධාරීන්ට හෝ ආයතනවලට  හෝ  නිකුත් නොකර  වෙනම තබා ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා  එම  වාහන අවභාවිත වුවහොත් ඉදිරියේදී පත්වීමට නියමිත සභාපතිවරුන්ට අමුතුවෙන් වාහන මිලදී ගැනීමට සිදුවීමෙන් ලොකු ගැටලුකාරී තත්වයක් මතුවනු ඇතැයිද   ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.

නිල කාලය  ලබන 19 වැනිදායින් අවසන්වීමෙන් පසු සියලුම පළාත් පාලන ආයතන නාගරික කොමසාරිස්වරුන් සහ සභා ලේකම්වරුන් යටතට පත් කෙරෙන බවද ඔහු සඳහන් කළේය.

ලබන 19  වැනිදා නිල කාලය අවසන් වන පළාත් පාලන ආයතන සංඛ්‍යාව 341කි. එයට   නගර සභා,මහ නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් වේ.



අදහස් (0)

පුංචි පාර්ලිමේන්තුවේ කාලය 19යෙන් අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 907 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1304 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site