
(ෂමින් පණ්ඩිතරත්න- මිලානෝ නගරයේ සිට )
ජාතික ජන බලවේගයේ විසින් සංවිධානය කළ "මැතිවරණයකට බියගුළු රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය වළ දමන කුමන්ත්‍රණය පරදවමු" යන තේමාව යටතේ රජයට එරෙහිව විරෝධතා පෙළපාලියක් හා ජනරැලියක් මිලානෝ නගරයේ දි පැවැත්විණි.
ජන මතේට - බය හින්දා පුංචි ඡන්දෙ - වළකනවා, ඡන්ද නැතුව - බලේ අරන් වෙවුලනවද , යන සටන් පාඨ කියමින් මිලානෝ නගරයේ පියස්සා ලීමා ස්ස්ථානයෙන් ආරම්භ කළ පෙළපාළියක් පසුව විරෝධතාකරුවන් විශේෂ පොලිස් ආරක්ෂාවක් මැද්දේ මිලානෝ ප්‍රධාන දුම්රිය පොල ( Milano Centrale ) ඉදිරිපිට පැමිණ දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්විය.
මැතිවරණය නොපැවැත්වීම, රජයට විරුද්ධ සාමකාමි උද්ඝෝෂකයින්ට පොලිස් ප්‍රහාර දියත් කිරීම, විදුලිය, ගෑස්, ඉන්ධන මිල හා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ නැංවීමට එරෙහිවත් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කර වහා ඡන්දයක් පවත්වන ලෙසත් ලෝකයේ අනෙකුත් රටවල් ලබා දෙන්නා වූ විදුලිය, ගෑස්, ඉන්ධන සහන ජනතාවට ලබා නොදි හොරා කන බවට ශ්‍රී ලංකා රජයට චෝදනා කරමින් එම උද්ඝෝෂණය පැවැත්විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර මහ ජෙප්පා ලෝකය වටේ ගියේ ලෝකේ වටේම උද්ඝෝෂණ කරන්නද? උන්දෑ නම් ලංකාවේ කඩේකට රිංගලා බේරුණා. මේ රට ඉන්න මෝඩ සෙට් එක එහේදි අත්අඩංගුවට ගත්තොත් ඇප අරන් දෙන්න කලු කෝට් හොරු ටිකක් එහෙත් ඉන්නවාද?
මේ කාලකන්නි බෙර්ගමෝ වල දාස් ගණන් දවසට මැරෙනකොට ලංකාවට ඇවිත් ජීවිතේ බේරගත්තට ලංකාවෙ මිනිස්සුන්ට බේත් ටික නැති වෙනකොට ලංකාවට යූරෝ එකක් එව්වෙ නෑ අසරණ මිනිස්සු වෙනුවෙන්. දැන් එනව ලංකාවෙ ඡන්දෙ ඉල්ලගෙන. තොපි ඉන්න රටක පාඩුවෙ හිටපන් ලංකාවට පව් නොදී. ලංකාවට සල්ලි එවපු ඉතාලියෙ මිනිස්සු කවදාවත් ඔය වගේ බෝඩ් එල්ලන් ලංකාවට ලැජ්ජ කරේ නෑ. මතකනේ අරගල කාලෙ ඕව කරල කොරගත්තු හරිය..
ගොඩක් සන්තෝසයි අපේ ශ්‍රී ලංන්කිකයන් මෙ අකාරයෙන් ලොකයේ ජනතාව දනුවත් කිරෙඑම සම්බන්දව!! මුලු ලෝකයේ ම ඉන්න ශ්‍රී ලංකිකයන් කලින් වතාවල් වල වගේ ම ලෝකය ඉදිරියේ මෙය කල යුතුයි!@@ජය වෙවා!!
ඉක්මනට චන්දෙ තියන්න .3% වැඩිවෙලාද බලන්න