IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පුංචි ඡන්දය අප්‍රේල්

(සුජිත් හේවාජුලිගේ)

පළාත් පාලන ඡන්දය බොහෝ දුරට අප්‍රේල් මාසයේදී පැවැත්වෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවසේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වුවත් මාර්තු මාසයේදී අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන  හෙයින්  එම මාසයේදී ඡන්ද විමසීම පැවැත්වීමට හැකියාව නොලැබෙනු ඇතැයි දැනගන්නට ඇත

පළාත් පාලන ආයතන සඳහා අලුතින් නාම යෝජනා කැඳවීමට විධිවිධාන සැලැස්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන)  පනත් කෙටුම්පතට අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

පළාත් පාලන ආයතන සඳහා මුලින් කැඳවූ නාමයෝජනා අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය පසුගිය දා තීරණය කළේය.

මේ ගැසට් නිවේදනය නිකුත් කර සතියකින් පසු එය පාර්ලිමේන්තුවට (පළමුවර කියවීම) ඉදිරිපත් කළ හැකිවේ.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඊට විරෝධය පළ කිරීමට සති දෙකක කාලයක් ලැබෙනු ඇත.

විරෝධතා ඉදිරිපත් නොවුනහොත් සති දෙකක කාලයකින් පසු පනත විවාදයට ගැනීමට හැකිවේ. විරෝධතා ඉදිරිපත් වුවහොත් ඒ සම්බන්ධයෙන් තීරණයක් දීමට තවත් සතියක කාලයක් ලබා ගැනෙනු ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම විශේෂ විධි විධාන පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බව කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මුලින් කැඳවුනාම යෝජනා අහෝසි කිරීම හේතුවෙන් කොමිසමට දැරීමට සිදු වූ පාඩුව රුපියල් කෝටි 72කි

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර පළාත් පාලන ආයතන 340 ක් සඳහා සභිකයන් 8,000 ක් පමණ පළාත් පාලන මැතිවරණයේ දී තෝරා පත්කර ගැනීමට නියමිතය.



අදහස් (0)

පුංචි ඡන්දය අප්‍රේල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site