
(අංජුල මහික වීරරත්න)
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවරදී අද (24)පැවසීය.
ඡන්දෙ දුන්නොත් දෙන්න සල්ලි තියෙනවාදැයි ප්‍රශ්න කළ හිටපු ජනාධිපතිවරයා මේ වන විටත් අනුමත කර තිබෙන සල්ලි හැර වෙන තියෙන්නේ මොනවදැයි විමසීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන වලට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වදින අපේක්ෂකයන් දැනුවත් කිරීමේ රැස්වීමකදීය.
මහනුවර තැපැල් ශ්‍රවණාගාරයේදී මෙම රැස්වීම පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
අපට ඡන්දය ප්‍රකාශ කළ අය මෙන්ම ගිය මහ මැතිවරණයේදී මාලිමාවට ඡන්දය දුන් පිරිසකුත් මෙවර අපට සිටිනවා.ඔවුන්ට දැන් මාලිමාව ටිකක් එපා වෙලා.ඔවුන් සමග කතා කොට සත්‍ය තත්වය පහදා දෙන්න උත්සාහ කරන්න.
මේ රටේ ඡන්ද දායකයින් සම්ප්‍රදායික දේශපාලන පක්ෂය ප්‍රතික්ෂේප කර තිබෙනවා.ආර්ථිකය කඩා වැටීමේදී ජනතාවට විසඳුමක් නොතිබූ නිසා ඔවුන් මාලිමාව දෙස බැලුවා.නමුත් මාලිමාවටත් ඒකට විසඳුමක් තිබුණේ නැහැ.දැන් සමහරුන්ට ආණ්ඩුව එපා වෙලා.
ඡායාරූප ප්‍රදීප් පතිරණ


COMMENTS
අනේ පව් රනිල්.
මෙයා පරදින බව එයා දන්නෑ .. අනුන්ගේ කිල්ලෝට හොයනවා.
මම ඡන්ද 27 ක් පරාදයි...
අදහස් දැක්වූ අය, ඉදිරි වසර කිහිපය සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථිකය සඳහා අද ලෝක බැංකුව පුරෝකථනය කර ඇති දේ කියවන්න. ඔවුන් පවසන්නේ 2024 දී අප දුටු 5% වර්ධනය (ඔබට ස්තූතියි, රනිල් වික්‍රමසිංහ මහතාට අපි කෘතඥ වෙමු), ඉදිරි වසර කිහිපය සඳහා අපට 3.5% ට වඩා අඩු වර්ධනයක් ලැබෙනු ඇති බවයි. "1971 සහ 1987/89 දී ඔවුන් රට විනාශ කළා; 2024 සිට ඔවුන් 1948 සිට 2024 දක්වා අප භුක්ති විඳි සජීවී ආර්ථිකය විනාශ කළා" යන ඉතිහාසයට එන්පීපී යයි. සිවිල් යුද්ධයක් පැවති විට පවා, මහින්ද රාජපක්ෂගේ පාලනය 5% කට වඩා ආර්ථික වර්ධනයක් පෙන්නුම් කළේය...
පරදින බව තමුන් හරියටම දන්නා නිසානේ පළාත් පාලන ඡන්දේ නොතිබ්බේ. ඡන්දේ තියනවා කියලා දිනත් නියම කරලා පළාත් කීපයක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරලා තිබියදීත් තමුන් නටපු නාඩගම ගැන රටම දන්නවා..
එකක් ෂුවර්... ආණ්ඩුව මහනුවර පරදිනවා, කොළඹ පරදිනවා.
සීයෙ නැගිටින්න. එලිවෙලා.
මේ කණ්ඩායමට වෙන දේ සිතාගන්නවත් බැරි තත්වයට වැටිලා. මහජනතාව ඔබලා සමග නේ...
නාකිපිනා දන්නවනේ රජයට මුදල් නැති බව. මොකද පිනාගේ හොඳම. යාලුවා පිටරටින් ඇවිත් ලොකු සුද්දයක් දාලා ගියා. අනිත් ඒවා පිනා නාකිමයිනා ගොබ්බයෝ ටික හොරෙන් කෑවා. පිනාට යනඑන මන් නැහැ. බටලන්දේ පිනා. ලෝක හොරෙක් ගෙනා. බැන්කු බිදපී. හොරා. පිනාට නොකියා ගියා. ඔන්න ඔහොමයි ජනතාවගේ මුදල් වලට විද්දේ. දැන් පිනාට ග්‍රාම සේවක පට්ටම වත් ගන්න බැහැ. කොහේ හරි ගිහින් ගැහැනු ටිකක් ගේනවා. මයික් එක ගන්නවා. හිතේ දුක ජනතාවගේ පැත්තට දාලා මර ලතෝනි දෙනවා ජනතාව සතුටින් දැන්...
පනුවා තවත් කඩ වටේ කැරකෙනවා .වටේ යනවා
වයසට ගියම අධෝමාර්ගයෙන් වාතය නොදැනුවත්ව පිටවීම සාමාන්‍ය දෙයක්. ඒක හින්දා එය ලජ්ජා සහිත දෙයක් නෙවෙයි, ස්වභාවික ශරීර ක්‍රියාවලියක් විතරයි.
මෙයාට එ:ජා:ප අරමුදලින් වර්‍මැක්ස් ටිකක් අරන් දෙන්න නැත්තම් මේ අසනීපය දරැනුවේවී .
කලෙක නෙත පිනවූ මහා වෘක්ෂ රාජයෙක් වූ පක්ෂයක් රටේම තරුණ ජීවිත බිලිගත් නිසා අද මුල් සිඳීගිය තමන්ටත්, ලෝකෙටත් පලක්නැති වියලී කේඬැරි වී ගිය කපා ඉවත් කලයුතු මූසල පෙනුමැති දර කොටයක් වී ඇති අයුරු.
මේක විශාල කරදරයක් උනානේ
මම එක්තරා පලාත් පාලන ආයතනයක මාලුමාමලා ලැයිස්තුව දැක්කා. එම සභාවෙ සභාපති කරන්න එම බල ප්‍රදේශයේ කෙනෙක් නැතුව පිටස්තරයො ඇතුලත් කර තියෙනවා. ඒ ගැන ඇහුවම කිව්වෙ මේ පාර්ලිමේන්තු ආසනයේ පදිංච් ඕන කෙනෙකුට සභාවට ඉල්ලන්න පුලුවන් කියල තමයි එහෙම තත්වයක් තිබුනත් ඔබතුමාගේ ගෝලබාලයෝ ,සජිත්ගෙ ගෝලබාලයෝ පුටුවෙත් පරවුනු පොහොට්ටුවෙත් අනෙක් කණ්ඩායම් වල කිසිවෙකුත් ගමේ වැල ගමේ කපුටන්ට කියල පැහැදිළිව කියන්න දන්නෙම නැහැ .ඒ නිසා තියෙන ටික කාලයේ හෝ ගමේ සභාව සදහා පිටස්තරයො ඇතුලත්කර තිබේනම් එම ලැයිස්තු ප්‍රතික්ෂේප කරන්න කියල දැනුවත් කරන්න
රටම ණය කන්දේ ගිල්වපු මිනිසුන් බහුතරයක් අප්‍රිය කරන පුද්ගලයෙක්
රනේ අනිල් රවු පනිල් රාඩන් නලින්...
මෙයා දන්න දේවල්…!
මහා කුළුණක් වගේ තිබුණ සද්දන්ත UNP ය JR මාම රනිල් ට දුන්නේ 5/6 බලයක් එක්ක.මේ රනිල් එදා ඉඳන් අද වෙන කොට රටේ එක UNP කාරයෙක් හොයා ගන්න බැරි තරමට UNP ය පොළොවටම සමතලා කරලා නැත්තටම නැති කලා.අපිත් පරණ UNP කාරයෝ.මෙය මේ ඇදුම් ගලවාගෙන කියන කතා ඇහුවම කොහෙන් හිනා වෙන්නද මන්දා.ලැජ්ජාව නැති කම තමයි.
මුත්ත පරදින්නෙ නැතෙයි?
හිතාගෙන ඉන්නේ මහා ලොකු වීරයෙක් කියලා
වැටී වැටී නැගිටින පොඩි දරුවෙක් තව පොඩි කාලෙකින් හොඳට ශක්තිමත්ව ඇවිදිනවා .වැටෙන්නේ නෑ, කවුරුවත් පිටිපස්සෙන් ඉන්න ඕනෙත් නෑ. නව රාජ්‍යයත් දැන් ඉන්නෙ ඒ වගේ තත්ත්වයක. විපක්ෂය හොඳටම දන්නවා තව පොඩි කාලෙකින් ආණ්ඩුව හොඳටම ශක්තිමත් වෙලා බලවත් වෙන ගමන ආරම්භ වෙලා තියෙන්නේ කියලා. ඒ ගමන කාටවත් හොල්ලන්න මහජනතාවට ඉඩ දෙන්නෙ නෑ කියලා. මහජනතාව හොඳට තේරුම් අරන් තියෙනවා හරි මාර්ගය මොකක්ද කියලා. මම අද වෙනකන් අහල නෑ විපක්ෂයේ කවුරුවත් කියනවා – "ආණ්ඩුවෙ අය භූක්ති විඳින අඩුම වරප්‍රසාද වත් අපිට එපා, අපි ගරු සේවයක් ලෙස නොමිලේම වැඩ කරන්නම්" කියලා. එහෙම කියනව නම් කියන පුද්ගලයාගේ චරිතය අනුව මහජනයා හරි තීරණය ගන්නවා. දැන් නම් no chance!
මෙතන රතු කොල සෙල්ලම දාන අයට ඡන්ද ව්‍යාපාරෙ බාර දුන්නනම් කජු ලොල් උඩින්ම දිනනවා.
සීය දින්නත්, ආච්චි දින්නත්, නැන්ද මාම මොකා දින්නත් ...මාලිමාවට අන්ත පරාජයක් කියන එක උන් දන්නව.. යහපාලනේ තියෙද්දි , පොදු පෙරමුන දින්නට සමානය්... ඊට පස්සෙ ආන්ඩුව පලාත් සභා තියන්න බය වෙනව..ඒකත් ගියොත්..ආන්ඩුවට දුවන්න වෙන්නෙ...
තමුන් ලොවෙත් නැති වෙන්න පරදින බව දන් ගන්නවා, අන්තඃපුරය සමග පදිංචියට වෙන ග්‍රහලෝකයක් හොයා ගන්නවා.නැත්නම් යන්න වෙන්නේ වැලිකඩ.
මොංගල්ද…? හැටිද..?
උගතෙක් කිව්වට සමාජයේ වෙන දේවල් ගෙනාවත් කිසිම දැනීමක් නැති රොබෝ කෙනෙක් මෙයා. බිරිඳගෙන් ඇහුවා නම් කියාවි...
පුන්චි ඡන්දෙට දින නියම කරලත් ඒක නොපැවැත්වූයේ පැරදෙන බව දන්නා නිසානේ? තමුන්ගේ වැඩ ගැන අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.
වයසට යනකොට කොහොමත් මොලේ අවුල් වෙනවා... නමුත් කජු සීයා පාර්ලිමේන්තු ඡන්දේ පැරැදිලා පස්සේ දොරින් පාර්ලිමේන්තු ගිහින් ජනාධිපති වුණු ඇම්ඩන් කෙනෙක් බව අමතක කරන්න එපා...