IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


පුංචි ආණ්ඩුවේ බලය අද රැයින් ඉවරයි

(සුජිත් හේවාජුලිගේ )

දිවයින පුරා පළාත් පාලන ආයතන 341න් 340ක නිල කාලය අද (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.

මේ අනුව මහ නගර සභා 29 හි බලය නාගරික කොමසාරිස්වරුන්ටද නගර සභා 36හි සහ ප්‍රාදේශීය සභා 275 හි බලය එම සභාවල ලේකම්වරුන් යටතටද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පත් කෙරිණ.

කෙසේ වෙතත් ප්‍රමාදවී පිහිටවනු ලැබූ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නිල කාලය පමණක් තවදුරටත් පවතිනු ඇත.

පළාත් පාලන ආයතන 2018 වසරේ මාර්තු 29 වැනිදා සිට වසර හතරක කාලයක් ක්‍රියාත්මක වුවද පසුගිය වසරේ පැවති අයහපත් තත්වය හේතුවෙන් වසරක කාලයක් එහි නිල කාලය දීර්ඝ කරනු ලැබීය.

මේ අනුව පළාත් පාලන ආයතන නීතියට අනුව ඊයේ දිනට පෙර ඡන්ද විමසීමක් පවත්වා නව සභිකයින් තෝරා පත් කර ගත යුතුව තිබිණ. එහෙත් ඡන්ද විමසීම ඒ දිනයට පෙර පැවැත්වීමට නොහැකිවීම හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙසේ අවසන්විය.

මේ අතර සියලුම රජයේ දේපළ නැවත බාරදෙන ලෙස නිල කාලය අවසන් වූ සියලුම පළාත් පාලන ආයතනවල ප්‍රධානීන්ට රජය ඊයේ නිල වශයෙන් දැනුම්දී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවේ පළාත් පාලන ආයතන නියෝජිතයන්ගෙන් සමාජයට ලොකු සේවයක් සිදු වූ බවයි.

එම සේවය නිලධාරීන්ගෙන් ලබා ගත හැකි වෙතැයි විශ්වාස නොකරන නමුත් ඔවුන්ගෙන්ද උපරිම වශයෙන් සේවාවක් ලබාගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

 



අදහස් (0)

පුංචි ආණ්ඩුවේ බලය අද රැයින් ඉවරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 284 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 811 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1225 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site