
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
මෙහි දී ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර දීර්ඝකාලීන සමාජ, ආර්ථික, අධ්‍යාපන, ක්‍රීඩා සහ දේශපාලන සබඳතා පිළිබඳවත්, සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සංචාරක හා වෛද්‍ය සංචාරක ක්ෂේත්‍රයන්ට අදාළ කටයුතු ඉදිරියේ දී තව තවත් වර්ධනය කර ගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
එමෙන්ම දෙරටෙහි සංස්කෘතිකාංග ඇතුළත් මාධ්‍ය වැඩසටහන් හුවමාරු කර ගැනීම සහ රුපවාහිනී ක්ෂේත්‍රයේ විචිත්‍රාංග සහ ටෙලි නාට්‍ය හුවමාරු කර ගැනීමට ඇති හැකියාව පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී පුළුල් අවධානයක් යොමු කෙරිණි.
ඉහත සියලු ක්ෂේත්‍ර වල පකිස්ථාන රජයේ සහාය ශ්‍රී ලංකාවට නොමඳව ලබාදෙන බවට පකිස්ථාන මහ කොමසාරිස්වරයා මෙහිදී සහතික විය.
2025 දෙසැම්බර් මස 04
771
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පකිස්ථාන මහ කොමසාරිස්- සුව ඇමති හමුවක්