(විමුක්ති එස් රුද්‍රිගු)
පාකිස්තානයේ සිදුවූ බස්රථ අනතුරකින් 22 දෙදෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට අසාද් පතාන් නගරය ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
අනතුරෙන් මියගිය අය අතර පිරිමි පුද්ගලයන් 15 දෙනකු, කාන්තාවන් සය දෙනකු සහ එක් ළමයෙකු සිටින බව පාකිස්තාන බලධාරීහු පැවැසූහ. හමුවී ඇති සාක්ෂි මත බස් රථය මිටියාවතකට පෙරළීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි විශ්වාස කරන බව පාකිස්තාන බලධාරීහු ප්‍රකාශ කළහ.කෙසේ නමුත් තවමත් බස් රථ අනතුර සිදුවීමට හේතුව කුමක්දැයි අනාවරණය වී නොමැති බවත් ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවත් පාකිස්තාන බලධාරීහු පැවැසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවීයනි ඔබ මැවු ලොව පුදුමයි...