
(සුජිත් හේවාජුලිගේ )
ශක්තිමත් දෙවැනි පෙලක් නිර්මාණය වෙමින් පවතින හෙයින් පක්ෂය හැරදා ගිය අය නැවත නොගන්නා බව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
පක්ෂය හැරදා ගිය අයගේ කාර්යභාරය දෙවැනි පෙළ දැන් හොඳින් ඉටුකරමින් සිටින බව ඔහු සඳහන් කළේය.
පක්ෂය හැරදා ගිය අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවද මන්ත්‍රීවරයා කීවේය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැරදා ගිය මන්ත්‍රීවරුන් සංඛ්‍යාව අනූ දෙකකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ සාගර උන්නැහේ... ඔහේ 2019 වෙනකන් කොහෙද හිටියේ? ඇත්තටම ඔහෙට අඩුම තරමින් ප්‍රාදේශීය සභාවකටවත් තරඟ කරලා දිනන්න පුළුවනිද? එහෙව් මිනිහෙක් අවුරුදු 25 - 30 වගේ කාලයක්ම මිනිස්සු එක්ක ඉඳලා දේශපාලනය කරපු මිනිස්සුන්ට නීති දාන්න එනවා දැක්කාම හිනහා යනවා. මතක තියාගන්නවා ඔය රාජපක්ෂලා මේ සසරේදී ආයේ බලයට එන්නේ නැහැ. බල්ලා මැරුණාම මැක්කාගේ ඉරණම ගැන අහල ඇතිනේ..? කවුරු මොන බයිලා ගැහුවත් මේ ඡන්දෙන් රනිල් දිනනවා. ඔහේගේ ජනධිපති අපේක්ෂකයාට ඡන්ද ලක්ෂ 2 ක් හෝ ඊට අඩුවෙන් තමයි ලැබෙන්නේ. ලියලා තියාගන්න. අපි 23 උදේ වෙනකොට බලමුකෝ...
පොහොට්ටුවේ පෙති හැලීගෙන යනවා. පොදුජන පෙරමුණේ අන්තිමට ඉතුරු වෙන්නේ දූෂිත පවුල් පාලනේ අය සහ හතර වරිගයම ඉන්න දූෂිතයෝ විතරයි...
ගන්නට ආපහු එන්ට එපායෑ. මළවිකාර...!
වෙන වෙන බ්‍රෑන්ඩ්වලින් එන්නෙත් පරණ හොරුමයි.
සුනිමල්, ලැජ්ජා නැතිව රාජපක්ෂ පිහිටෙන් පිං ජනාධිපති වෙලා දොඩන වහසි බස්? රනිල් දිනාවි බියගමින් දකුණු කොළඹිින් විතර, රටේ පොහොට්ටුවට තියෙන තැනවත් නැහැ රනිල්ට ගම්මට්ටමින්, අවසාන සටන අනුර සජිත්, ඒකෙන් අනුරට ජය...!
ඔන්න ඔහොම තමයි කොන්ද කෙලින් තියාගෙන තීරණ ගන්න ඕනේ....!
ඔයා විතරක් ඉන්න.
රාජපක්ෂලා කියන දේවල් විශ්වාස කරන්න පුළුවන්ද? රනිල්වත් ජනාධිපති කළානේ. කවුද හිතුවේ?
මෙයා කියන ඒවා කවුද අනේ ගණන් ගන්නේ...?
මහින්ද මහත්තයාගේ රූපය විකුණලා ඡන්දෙ අරන් පැනලා ගිය අයට තනිව ජනමතයක් හදාගන්න බැහැ...