(සුජිත් හේවාජුලිගේ )

පක්ෂ මාරු කළ විට මන්ත්‍රී පදවිය අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සකස් කිරීමට අදාල මූලික සාකච්ඡා ආරම්භ කර ඇතැයි  අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය  නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා  ලංකාදීපයට පැවසීය.

මහජන ඡන්දයෙන් තේරී පත්වී වෙනත් දේශපාලන පක්ෂ වෙත මාරු වන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුරය සෘජුවම අහෝසි කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා පැවසුවේය.

ජනවරමට එරෙහිව පක්ෂ මාරු කිරීම වැළැක්වීම සඳහා මෙම නීතිය අත්‍යවශ්‍ය බව රජය පවසයි.