
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීම සඳහා සමගි ජනබලවේගයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක වික්ටර් ස්ටැන්ලි, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ප්‍රචාරක ලේකම් යූ. එල්. එම්. එන්. මුබීන් සහ ශ්‍රී ටෙලෝ සංවිධානයේ නායක පරරාජසිංහම් උදයරාසා යන මහත්වරු එක් වූහ.
සමගි ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක වික්ටර් ස්ටැන්ලි මහතා පැවසූයේ තවදුරටත් විවිධ පාර්ශ්ව හදන රැලි පසුපස යා යුතු නැති අතර නැවතත් පෝලිම් යුගයක් අවශ්‍ය නැති බවයි. මැතිවරණ සමයේ නොයෙක් කණ්ඩායම් නොයෙක් පොරොන්දු ලබා දුන්නත් ජනතාව ඒවාට තවදුරටත් රැවටෙන්නේ නැතැයි ද ස්ටැන්ලි මහතා පැවසීය .
ශ්‍රී ටෙලෝ සංවිධානයේ නායක පරරාජසිංහම් උදයරාසා මහතා කීවෙි සජිත් ප්‍රේමදාස නිවාස අමාත්‍යවරයාව සිටි කාලයේ තම දිස්ත්‍රික්කයේ ආරම්භ කළ නිවාස ව්‍යාපෘති කිසිවක් සාර්ථකව අවසන් කළේ නැති අතර ඔහු අමාත්‍යවරයකු ලෙසත් අසාර්ථක බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජබෙ පුස් වෙඩිල්ලක් වෙන්නයි යන්නේ. පවුල් පාලනේ කොයි පක්ෂයටත් අවුලක්
ඊළම කරතියං ඇවිත්ද ? නැගෙනහිර නම් දැන් එළුවන්ගෙ නෙ.
ජනතාව ඕවාට හොඳ පිළිතුරු සැප්තැම්බර් 21 දෙයි
සහය දුන්නාට ඡන්දේ මාළිමාවට දාපල්ලා? සිලින්ඩරේ පුපුරලා ගියාම ඔය හැමෝම අනාථයි.
දැන් ඉතින් අමුඩ ගහලා නවත්තන්න බෑ. ගෙදර යන්න හිත හදං ඉන්න තමයි තියෙන්නේ මේ අන්තිම ටිකේ පිනක් කරං. රටටත් යහපතක්, අනාගත පරම්පරාවට වාසනාවක් වගේම රනිල්ගේ ඊළඟ භවයටවත් සැනසීමක් ලැබේවි. ඡන්ද දිනන්න ඕනෑනම් කලින් හිතන්න තිබුණා... අවුරුදු පනහක් රට විනාශ කරනකොට...! .