(යොහාන් භාසුර)

සෞඛ්‍ය සේවක වර්ජනය හේතුවෙන් ක්ෂේත්‍රයෙන් ලැබෙන පී.සී.ආර්. සාම්පල සංඛ්‍යාව අඩු වීමෙන් ඉදිරි දිනවලදී ‘කොවිඩ්’ ආසාදිතයන් සංඛ්‍යාව අඩුවිය හැකි යැයි සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

‘කොව්ඩි’ මර්දනය සඳහා ක්ෂේත්‍රයේ කටයුතු කරන වැඩි පිරිසක් වර්ජනයට සම්බන්ධ වී සිටින බවත් ඒ හේතුවෙන් පී.සී.ආර්. සාම්පල සංඛ්‍යාව අඩු වී ඇති බවත් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

මේ වන විට සමස්ත ‘කොවිඩ්’ ආසාදිතයන්ගේ සංඛ්‍යාව ද අඩු වෙමින් පවතින බව ද සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කියයි.